Sunday, December 25, 2011

තම තම බසින් බුදු දහම ඉගෙනීම වරදක්ද ?

තෙරුවන් සරනයි..!

ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරීන්
චත්තං මහන්තං යථා වස්ස කාලේ
ඒ සානි සංසෝ ධම්මෝ සුචින්නෝ
න දුග්ගතිං ගජ්ජංති ධම්ම චාරීන්


" යම් කිසි කෙනෙක් ධර්මයේ හැසිරේනම්, ඔහුව ධර්මය විසින්ම ආරකෂා කරයි. ඒ හරියට මේ වගෙයි, මහා වැස්සක් වහිද්දී විශාල කුඩයක් යට නොතෙමී ඉන්නවා වගේ ධර්මයෙන් ආරකෂා කරයි. ධර්මය පුරුදු කලොත් අනුසස් මෙයයි, ධර්මයේ හැසිරෙන කෙනා සතර අපායේ යන්නේ නෑ"



ධර්මයේ හැසිරීමට නම් අප ඒ උතුම් ධර්මය දැනගත යුතුයි. ඒත් අප නිවදිවම පාලි භාෂාව දන්නවාද? අප දැන ගත යුතුයි. මේ ලොකේ තිබෙන සුන්දරම භාෂාව එයයි. නමුත් පාසල් අධ්‍යාපනින් වත්  ඒ සදහා අවස්ථාවක් නෑනේ..ඒක වෙනම කතවක්..
ඉතින් අපි බලමු පාලි බස නොදන්නා අයට ඒ උතුම දෙශනා ඉගෙන ගත නොහැකිද? ඒක ලොකු පාඩුවක් නේද? එය තේරෙන භාෂාවකින් ඉගෙන ගත්තොත් වරදක්ද? අපම ටිකක් විමසා බලමු...

බුදු රජානන් වහන්සේගේ කාලේ විවිධ ප්‍රදේශ වලින්, විවිධ භාෂා කතා කරන පිරිස රජගහනුවර, සැවැත් නුවර වගේ ප්‍රදේශ වලට පැමිනියා.රහතන් වහන්සේලා ඒ හැම ප්‍රදේශකම වාගේ වැඩ හිටියා. ඉතින් බුදු රජානන් වහනසේ යම් තැනක යම් දේශනාවක් කරයිද එය රහතන් වහන්සේලා විසින් එම දේශනා තම තමන්ගේ භාෂාවලින් කතා කිරිමට පටන් ගතතා.එලෙස බුද්ධ දේශනා පැතිර ගියා.


මේ කාලේ යමෙලු, තෙකලු කියලා බමුනු කුලෙන් පඩිවරු 2ක් පැවිදිව සිටියා. උන්වහන්සේලා දෙනම බුදු රජානන් වහන්සේ ලගට ගොස් මෙසේ කියා සිටියා. "භාගයවතුන් වහන්සේ, විවිධ ප්‍රදේශ වලින් පැවදි වුනු අය විවිධ භාෂා කතා කරනවා. තම තම්න්ගේ භාෂාවෙන් මේ ධර්ම්ය කීම නිසා මේ ධර්මය දූෂණය වෙනවා. එ නිසා භාගයවතුන් වහන්ස මේ ධර්මය සංස්කෘත ශ්ලෝකයට හරවන්න අවසර දෙන්න" කියා සිටියා.


එවෙලේ බුදු රජානන් වහන්සේ කියා සිටියා "හිස් පුරුෂය , තථාගත ධර්මය කිසි  දවසක සංස්කෘත ශ්ලෝකයට හැරවීම නොකල යුතුයි." 
එම අවස්ථාවේදීම උන්වහන්සේ " මහනෙනි මේ ධර්මය තම තමන්ගේ භාෂාවෙන් ප්‍රගුන කිරීමට අවසර දෙමි" යැයි ප්‍රකාශ කර සිටියා.

මෙසේ බුදු රජානන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලා දෙනමගේ අදහස කෙලින්ම ප්‍රතික්ෂේප කර  තමන්ගේ භාෂාවෙන් ධර්මය ප්‍රගුන කිරීමට අවසර දුන් සේක.

නමුත් පසු කලෙක බමුනෝ විසින් මේ ධර්මය සංස්කෘතයට නැගුනු බැවින් ඉන්දියාවෙන් බුද්ධ සාසනය නැතිව ගියා.එ බුද්ධ වචනයට අවනත නොවී එපා කියපු දේ කල නිසා.

මිහිදු හිමියන් ලංකාවට වැඩීමට කලින් එකල ලංකාවේ තිබූ භාවිතා කල භාෂාව වන "දීප" භාෂාව ඉගෙන ගෙන පසුව ලංකාවට පැමින් උන්වහන්සේ මේ ධර්මය එම භාෂාවෙන් පැහැදිලි කර දුන් සේක.

පසුව තුන් වන ධර්ම සංගායනාවෙදී ස්ථාපිත කල පාලි භාෂාවෙන් මාගධී භාෂාවෙන් තිබූ ධර්මය ලක්දිව මිනිසුන්ට ඉගැන්විය.එහි අරුත් එකල තිබූ භාෂාවෙන් ඉගැන්විය.එය හෙළ අ‍ටුවා නම් විය.

පසු කලෙක ඉන්දියාවේ සිටි භික්ෂුන් වහන්සේලා මෙය දැන ගැනීමෙන් පසු බුද්ධ ඝෝෂ හිමියන්ට කියා සිටියා ලක් දිවට ගොස් එය ඉන්දියාවේ එකල තිබූ මාගධී බසට පාලි බසට හරවගෙන ඒන ලෙස.එවිට අපටත් එය කියවා දැන ගත හැකියි කියා.

එම හිමියන් අනුරාධපුරයේ මහා විහරෙට වැඩම කර එහි සිටි නායක හිමි වරුන්ට පැමිනි කරුන කියා එයට අවසරය ඉල්ලා සිටියා. නමුත් එහි සිටි හිමිවරු එක වරම ඒ සදහා අවසර දුන්නේ නැත.උන්වහන්සේලා ගාථාවක් දී එයට පරිකතාවක් , විස්තරයක් කරන්න යැයි බුද්ධ ඝෝෂ හිමියන්ට කියන ලදි.එමගින් එම හිමියන්ගේ කුසලතාව මැනීමටය.

එම හිමියන් එම ගාථාවට ලියූ පරිකතාව , විස්තරය තමයි "විසුද්ධි මාර්ගය" . එය පිලිබදව සතු‍ටු වූ නායක හිමිවරුන් පරිවර්ථනය සදහා අවසර ලබා දෙන ලදි. ඉන් පසු පාලියට නැගූ එය ලෝකය පුරා පැතිර ගියේය. පසුව ටික ටික පාලි බසට ගරු කරා, හෙල අ‍ටුවාව භාවිතයෙන් ඈත්ව ගියා.

බුදු රජානන් වහන්සේගේ ධර්මය අරුත් තම බසින් ඉගෙන ගැනීම නිසා බොහෝ අයගේ ශ්‍රද්ධාව වැඩීම සිදු වෙනවා. දැන් වර්ථමානයේදී සම්පූර්ණ ත්‍රිපිටකයම සිංහල බසින් ඉගෙන ගැනීමට අපට හැකියි.එය බොහෝම වාසනාවකි.

සිංහලෙන් පමනක් නොව , සිංහලයට හැරවීමට පෙර එය එංගලන්තේ, පාලි ත්‍රිපිටක සභාවක් පි‍ටුවලා "රිච් ඩේවිඩ්" නැමති කෙනා ලංකාවට පැමින පාලි බස ඉගෙන ගෙන එය ඉංග්‍රීසියට පරිවර්ථනය කරන ලදි. අද වන විට එය ජර්මන් වැනි භාෂා වලින් ද ඇත.

ලොව පුරා බොහෝ පිරිස් මෙ ධර්මය තම බසට හැරවීම නිසා මේ ධර්මය ඉගෙන ගෙන සිත් පහදවාගෙන සිටියි.

ඔබම ටිකක් සිතා බලන්න.
අප බොහෝ දෙනෙක් පාලි භාෂාව දන්නේ නැත. ඉතින් අප කෙසේද මේ ධර්මය ඉගෙන ගන්නේ? එක්කෝ අප පාලි ඉගෙන ගත යුතුයි. එය 100% සාර්ථක දෙයක් නොවේ. නමුත් හිතන්න අපට තේරෙන බසින් ඒ ධර්මය තිබුනොත් ඒවා කියවා ඉගෙන ගත හැකියි නේද? එවිට ඒ ධර්මය දැනගෙන ජිවිතයට එකතු කරගත හැකියි නේද? එය මහත්ම වූ ලාභයක් නොවේද? අප බුධිමත් වෙමු.. කවුරුත් කියනවාට නොව අපම විමසා බලමු.


ඉතින් අපත් මේ ජීවිත්යේදීම ඒ උතුම් දේශනා ඉගෙනගෙන , ජිවිතයට ගෙන මේ ජිවියේදීම අවබෝධ කරගැනීමට උත්සහ කරමු..

තෙරුවන් සරනයි..!

1 comment: