Saturday, December 31, 2011

නව වසරේ සුන්දර වැඩ පිලිවෙලක් පටන් ගනිමු..

තෙරුවන් සරණයි..!

වසරක් අවසන්ව නව ව්‍යවාහාරික වසරක් උදා වෙන මේ මොහොතේ මේ නව වසරේ ඉතාමත් ප්‍රයේජන, වටින, සියලු දෙනාට හිත සුව පිනිස පවතින වැඩ පිලිවෙලක් පටන් ගනිමු. මේ වැඩ පිලිවෙල මුලින්ම මේ ලොකෙට හෙලිකරේ අපගේ බුදු සමිදානන් ය.

බුදු රජානන් වහන්සේ විසින් උන්වහන්සේ ගැන අප්‍රමාන පැහැදීමක්, ශ්‍රද්ධාවක් වැඩි දියුනු කර ගැනීමට බුදු ගුණ නිතර සිහි කරීමෙන් හැකිවන බව දේශනා කර ඇත. අන්ත අප්‍රමාන වු බුදුගුණ දරා ගැනීමට අපගේ හිත ශක්තිමත් නොවන බැවින් උන්වහන්සේ විසින් ඒ බුදු ගුණ නවයකට කැටි කොට දේශනා කර ඇත. අපි ඒ උතුම් බුදු ගුණ ගැන නිවරදිවම, අර්ථ වශයෙන් දැන ගනිමු.

අප සරණ ගිය බුදු හිමියන් අරහං වන සේක.

බුදුරජානන් වහන්සේ රාග,ද්වේශ,මෝහ සම්පූර්නයෙන්ම ප්‍රහානය කල සේක. සියලු කෙලෙසුන්ගෙන් මිදුනු සේක.නිදහස්වුනු සේක.උන්වහන්සේ රහසින්වත් පවු නොකල සේක.

අප සරණ ගිය බුදු හිමියන් සම්මාසම්බුද්ධ වන සේක.

මේ ලොකයේ තිබෙන යතාර්ථය වන චතුරාර්‍යය සත්‍යය උන්වහසේ අවබෝධ කලේ කිසිදු ගුරුවරයකුගේ උපකාරයක් නොලබාය.උන්වහන්සේ විසින්මය.

අප සරණ ගිය බුදු හිමියන් විජ්ජාචරණ සම්පන්න වන සේක.
 
උන්වහන්සේ යමක් අවබෝධ කලාද, ඒ අනුවම දිවි ගත කල සේක.අනන්ත වූ නුවනයන්ගෙන් යුතු වූ සේක.

අප සරණ ගිය බුදු හිමියන් සුගත වන සේක.

උන්වහන්සේ සුන්දර වූ මාර්ගයක වෑඩම කර ඒ පරම සුන්දර වූ නිර්වානය අචබෝධ කල සේක.

අප සරණ ගිය බුදු හිමියන් ලොකවිදූ වන සේක.

උන්වහන්සේ සියලුම ලෝක දක්නා සේක.අවබෝධ කල සේක.කිසිදු ලොවක කිසිදු රහසක් නොමැත.

අප සරණ ගිය බුදු හිමියන් අනුත්තරෝ පුරිස දම්ම සාරථි වන සේක.

අකීකරු දෙවි මිනිසුන් කිසිදු හිංසාවකින් තොරව මෙ උතුම් දහම තුලින් දමනය කල සේක.හික්මවූ සේක.

අප සරණ ගිය බුදු හිමියන් සත්ථාදේව මනුස්සානං වන සේක.

දෙවි මිනිසුන් හට එකම ශාස්තෘන්වහන්සේ වන සේක.එකම මග පෙන්වන නායකයානෝ වන සේක.

අප සරණ ගිය බුදු හිමියන් බුද්ධ වන සේක.

තමන් වහන්සේ අවබෝධ කල ධර්මය මනාකොට දේශනා කර බුද්ධ සාසනයක් ඇති කල සේක.

අප සරණ ගිය බුදු හිමියන් භගවා වන සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙතරම් වූ අනන්ත ගුණ දරාගෙන සිටීමට තරම් භාග්‍යවන්ත වූ සේක.

අප ඒ උතුම් සම්බුදු ගුණ අර්ථ වශයෙන් දැනගෙන නිරතුරුවම මුලු හදවතින්ම සිහිකල යුතුයි. හිතලා බලන්න මොහොතක් ඔබ දැන මිය ගියොත් ඔබට ‍රැක වරනයක් තියෙන වාද? ඉතින් මරනින් පසු සුගති ගාමී වෙන්න, ‍රැකවරනයක් සලසා ගනීමටත් අපගේ ශ්‍රදධාව වැඩි දියුනු කර ගැනීමටත් මේ උතුම් බුදුගුණ නිරතුරුවම මුලු හදවතින්ම සිහිකරමු. 
 
මේ සදහා වෙනම වේලාවක් වෙන් කරගත යුතුම නැහැ.සෑම වේලාවෙම අපට ධර්මයේ හැසිරිය හැකියි. එය එසේ කලයුතුයි. සිතන්න අප බොහෝවිට බස් රථ වල වාහන වල ගමන් කරනවා නේද? ඉතින් ඒවගේ වෙලාවල් වලදී පවා මෙය කල හැකියි නේද? 

පිටරට වල සිටින බොහෝ පිරිසකට මේ උතුම් ධර්මය බොහෝවිට අඩුවෙන් ඇහෙන්නේ. ඉතින් එ හමොම හැකි සෑම විටකදීම මෙ ධර්මය සිහිකිරීමට උත්සහ කලයුතුයි.

මෙ උදාවන නව වසරෙ මුල සිටම අප මේ උතුම් බුදුගුන සිහි කරමින් සිත පහදාගෙන අපගේ ශ්‍රද්ධාව වැඩි දියුනු කර ගැනීමට උත්සහ කරමු.
එය සියලු දෙනාටම හිත සුව පිනිස පවතියි.

සියලු දෙනාටම තම ශ්‍රද්ධාව දියුනු කරගත හැකි සුභ නව වසරක් වේවා.

තෙරුවන් සරණයි..!

1 comment:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete