Saturday, December 24, 2011

පිරිත හා ගණ ...?

තෙරුවන් සරනයි.


පිරිත් දෙශනා කරද්දී ගණ පිහි‍ටුවා කලයුතුයි කියා පිරිස් පවසයි.නමුත් මොනාද ඔය කියන ගණ? යන්න බොහෝ පිරිස් නිවරදිව දන්නේද නැත.සෑබවටම අප බුදු පියානන් පිරිත් දේශනා කර ඇතතේ ගණ පිහි‍ටුවාලද? මේ පිලිබදව අප ටිකක් විමසා බලමු.

  • ගණ කියා ශාත්‍රයක් තිබේද?
 ඔව්. ගණ කියා ශාත්‍රයක් තියෙනවා.එක බලගතු එකක්.සෙත් කවි, වස් කවි, මන්ත්‍ර, වගේ දේවල් වලට යොදාගන්නවා. මේක ලොක ස්භාවයට සම්බන්ද වන එකක්. එක එක ගණ පිහි‍ටුවා හදන මන්ත්‍ර වලට භූතයින් බැදෙනවා.
  •  ගණ ශාත්‍රය කොහොමද හැදෙන්නේ?
  මෙහිදී අකුරු තුනේ වචන නොයෙක් නොයෙක් විදිහට ගලපා කරනු ලබන ශාත්‍රයකි. එවා 'ය' මුල් කොට සදනු ලබන 'ය' ගණය, 'න' මුල් කර සදනු ලබන 'න' ගණය, 'ස' මුල් කර සදනු ලබන 'ස' ගණය ආදී ලෙස භාවිතා කරයි.
  •   බුදු රජානන වහන්සේ ගණ පිහු‍ටුවා ද පිරිත් දේශනා කලේ?
 වැදගතම දේ එයයි. අප නොදැනුවත්ම හරි ඒහෙම කියනවානම් එය බොහෝ පවකි. ඒක උන්වහන්සේට , ඒ ශ්‍රී සද්ධර්මයට කරනු ලබන නිග්‍රහයකි.
  •    ඒ ඇයි එහෙම කියන්නේ? 
 මුලින්ම අප දැන ගත යුතුයි අප සරණ ගිය බුදු රජානන් වහන්සේ මන්ත්‍ර කරුවෙක් නොවන වග. උන්වහනසේ සාරා සංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා උන්වහන්සේ විසින්ම මෙම ධර්මය අවබොධ කරගෙන බුද්ධත්වය ලබා, එම ධර්මය දේශනා කලේ අනන්ත දුක් විද විද සංසාර යන අසරණ මිනිසුන්ට මෙම ධර්මය අවබොධ කරගෙන නිදහස් වීමට මිස ගණ පිහි‍ටු වීමට නොවන වග. බුදු රජානන් වහන්සේ දේශනා කලේ සත්‍යය මිස ගණයක් නොවේ.
කිසිම පිරිත් දේශනාවක් අවසානයේදී තිබෙනවාද 'මෙම ගණ පිහිටීමෙන් සැමට සෙත්වේවා' කියා. තිබෙනුයේ " මේ සත්‍යානු භාවයෙන් සැමට සෙත්වේවා" කියා නොවේද?

ගණ පිහි‍ටුවා කල මනත්‍ර වලට භූතයින් බැදෙනවා. නමුත් බුදු රජානන් වහන්සේගේ ධර්මය කියනකොට අපට භූත බන්ධන සම්බන්ධ කිරීමේ අවශ්‍යතාවක් නෑ. උන්වහන්සේට ගණ පිහි‍ටු වීමට අවශ්‍යය නැත.බුදු රජානන් වහන්සේ මේ ධරමය දේශනා කලේ බුද්ධිමත් දෙවි මිනිසුන්ට දේශනා අසා අවබෝධ කර ගැනීමටයි.

  •  එතකොට ඔය ගණ කියන දේ කොහොමද පිරිත් වලට ආවේ?
 බුදු රජානන් වහන්සේට , ශ්‍රී සද්ධර්මයට විරුද්ධව එකල බොහෝ තරහින් හිටිය පිරිස තමයි බ්‍රාහ්මණයෝ. පසු කලෙක බමුනෝ විසින් මේ ශ්‍රී සද්ධර්මය සංස්කෘත ශ්ලොකයට නගන ලදි.
ගණ කියන ශාත්‍රය බමුනන් විසින් හැදූ ශාත්‍රයකි.
මෙය ලංකාවට පැමිනුයේ 9 වැනි සියවසේ 'සිය බස් ලකර' කියන ග්‍රන්ත්‍රයේනි. මෙය සංස්කෘත පොතක සිංහල පරිවර්ථනයයි. දංඩීන් කියන සංස්කෘත පඩිවරයා 'කාව්‍යදර්ශය' කියලා පොතක් ලිවා, සංස්කෘත කාව්‍යයේ තිබෙන මහා කාව්‍ය සම්ප්‍රධායට අදාල ගණ ශාත්‍රය පිළිබදව. මේක පටලවාගෙන තමයි බුදු රජානන් වහන්සේ ගණ පිහිටලා දේශනා කලා කියලා කීවේ.

  දන්නවාද...
 ගණ ශාත්‍රයේදී 'න' ගණය අසුභ ගණයක් ලෙස ද ඒය මුලට දමලා කිසිදු වැඩක් ඇරබන්න එපා කියලා සංස්කෘත සාහිත්‍යයේ උගන්වනවා. එසේ බමුනෝ කර ඇත්තේ බුදු දහම විනාශ කිරීමටයි. මොකද  බුදු දහමේ සියලු දේශනා පටන් ගන්නේ " නමෝතස්ස භගව‍තෝ " කියලා.

ඉතින් යම් කෙනෙක් ගණ ශාත්‍රය පිළිගනී නම්.. " නමෝතස්ස භගව‍තෝ " කියන ඒක අත හරින්න සිදුවෙනවනේ. ඒ කියන්නේ බුදු දහම අත හරින්න සිදුවෙනවා.

දැන් පේනවා නේද අප හරි හැටි නොදැන කියන කරන දේවල් වල බරපතලකම. අප දැන්වත් බුද්ධිමත් වෙමු.කවුරුත් කියනවාට නොව තමන්ම විමසා බලන්න පුරුදු වෙමු.  පිරිත් දේශනාවල ශබ්දය නොව එහි අරුත් දැනගෙන ඒවා ජිවිත්යට ගලපා ගමු.අවබෝධ කර ගනිමු. අප හැමෝම මේ ජීවිතයේදීම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ කරමු.

තෙරුවන් සරනයි.

7 comments:

  1. වටිනා අදහස් ටිකක් ලියල දැම්මාට පින්

    ReplyDelete
  2. දුර්මත නැතිකරන්නට ගන්නා උත්සහයට පින් සිදු වෙනවා!

    ReplyDelete
  3. මෙම කරුණු දැනගන්න ලැබුන එකට සන්තෝෂයි. ඔබට පින්.

    ReplyDelete
  4. සෑහෙන්න වැදගත් ලිපියක්, මම මේක බෙදාගත්තාට කමක් නෑ නේද ?

    ReplyDelete
  5. කමක් නැත. මන්ද එය මේ උතුම් ධර්මය පිලිබද වැරදි මත දුරු කිරීමට නිසැකවම උපකාරයක් වනු ඇත.

    ReplyDelete
  6. ඔබට බොහොම පින්.................
    සමාජයෙ තියෙන දුර්මත නෑති කරන්න ඔබට තවත් ශක්තිය ඩහිරිය ලෑබෙවා.......

    ReplyDelete
  7. වැදගත් ලිපියක් ඔබට ජය

    ReplyDelete