බෝධි පූජාව යනු මිත්‍යාදෘෂ්ඨික වෘක්ෂ වන්දනාවක් නොවේ. බෝධි පූජාව අනුදැන වදාළේ අප සරණ ගිය ගෞතම බුදුරජානන් වහන්සේ විසින්මයි.
බුදුරජානන් වහන්සේ ගන්ධ කුටියෙහි වැඩ නොසිටින අවස්ථා වලදී උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට බෝධියක් රෝපණය කිරීමට ආනන්ද ස්වාමීන් වහන්සේට උපදෙස් ලැබුනි.බුද්ධගයාවේ වැඩ සිටි ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ බීජයකින් රෝපණය වූ බෝධීන් වහන්සේ ජේතවනාරාමය ඉදිරිපිට ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් අනේපිඩු සිටුතුමා විසින් රෝපණය කරන ලදි.එය ආනන්ද බෝධිය ලෙස හදුන්වනු ලබන අතර එම බෝධීන් වහන්සේ අසල තුන්යම් රැයක් මුලුල්ලේ සමවත් සුවයෙන් වැඩ හිද බුදුරජානන් වහන්සේ විසින් පරිභෝජනය කොට පූජ්‍යත්වයට පත් කළ සේක. ඉන්පසු ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඒ බෝධීන් වහන්සේට පුද පූජා පැවැත් වූ අතර ඒ සියල්ලම ජීවමාන බුදුරජානන් වහන්සේට කරණු ලබන පූජාවන් විය.
බෝධි පූජාවක් පවත්වන්නේ මෙහෙමයි.
- පළමුව අප පිරිසිදු වී පිරිසිදු ඇදුමකින් සැරසී බෝධීන් වහන්සේ වැඩ සිටින තැනට යා යුතුයි.
- ඉන්පසු ශාන්ත ඉරියව් පවත්වමින් බෝ මලුව අමදිමින් පිරිසිදු කළ යුතු වේ. බෝ මලුව තුල විහිලු තහලු, උසුලු විසුලු ආදිය නොකල යුතු වේ.
- බෝධීන් වහන්සේ සමීපයේ සකසා ඇති තැනක තෙල් පහන්, සුවද දුම් දැල්විය යුතු වන්නේය.
- පිරිසිදු කල මල් ආසනය මත පැන් ඉසින ලද සුවද මල් පූජා කල යුතු වේ.
- සුවද පැන් පුරවා ගන්ධ පාත්‍රයක් (සෙම්බුවක්) අතින් ගෙන බුදු ගුණ සිහිකරමින් බෝධීන් වහන්සේගේ දකුණු පැත්තෙන් පැදකුණු කරමින් බෝධීන් වහන්සේට සුවද පැන් ඉසිය යුතු වේ.
- යා යුතු වට ගණන වැදගත් නොවේ.අප කළ යුත්තේ ශාස්තෘන් වහන්සේගේ ගුණ සමුදාය නැවත නැවත සිහි කිරීමයි.එවිට අප සිතෙහි රාග, ද්වේශ, මෝහ යන කෙලෙසුන් යටපත වීම් හෝ තුනීවීම සිදුවේ.කුසල් සිත හදුන්වන්නේ පිරිසිදු සිතක් ලෙසයි. මේ පිරිසිදු සිත ඇති කර ගැනීමයි බෝධි පූජාවේ මූලිකම අරමුණ විය යුත්තේ.
වැදගත්..
කිසිදු විටක බෝධීන් වහන්සේ මත ග්‍රහ අපල වැනී දේවල් ලියූ කොඩි , පඩුරු වැනි දෑ ගැටගසන්න එපා.එය බෝධීන් වහන්සේට කරන ලොකූ අගෞරවයක්, එසේ කරන්නට එපා.
දැන් පැහැදිලියි නේද බෝධි පූජාව කියන්නේ බුද්ධනුස්සති භාවනාවක් කියල.
ඉතින් අපි මෙසේ නිවරදිව ගෞරවයෙන් බෝධි පූජාව කරමු.
තෙරුවන් සරණයි..!
අගෙයි...
ReplyDeleteහිත සැනසෙනවා ඒ ගැන හිතෙන විටත්...
සහතික ව ම ඇත්ත!
ReplyDelete