Thursday, January 5, 2012

ග්‍රහ, නැකත්, කේන්දර සහ බෞද්ධයා..

තෙරුවන් සරණයි..!

මෙම කරුන තමන් විසින්ම තනිවම නිවරදිව විමසා බලන්න. එය ඔබටම යහපතක් වේවි.

බෞද්ධයා යනු කවරෙක්ද?

අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය පුද්ගලයායි.ඔහුට ඇත්තේ බුදුරජානන් වහන්සේ ගැන, ඒ ශ්‍රී සද්ධර්මය ගැන, ආර්ය මහ සංඝරුවන ගැන අවබෝධයෙන්ම ඇතිවූ ශ්‍රද්ධාවකි, සරණ යෑමකි.මෙසේ සරණය ගිය කෙනා හට බුදුරජානන් වහන්සේගේ අවබෝධය පිළිබද කිසිදු සැකයක් නැත.උන්වහන්සේගේ ලෝකවිදූ ගුණය ගැන සැක නැත.
 

යම් කෙනෙක් ග්‍රහ,නැකැත්,
කේන්දර විස්වාස කරයි නම්, සරණ යයි නම් එම කෙනා බෞද්ධයකු නොවේ.නමට උත්පැන්නෙට පමනක් බෞද්ධ වේ. නැකත් කෙන්දර විස්වාස කරනවානම් ඔහු නිවරදි ලෙස තෙරුවන් සරණ ගිය කෙනෙකු නොවේ.

 
ඔබම විමසා බලන්න..

සියලුම ලෝක අවබෝධ කළ, ලෝකවිදූ ගුණයෙන් යුතු බුදුරජානන් වහන්සේ කිසිදු දේශනාවක , කිසිදු අවස්ථාවක මෙම කේන්දර,නැකත්,ග්‍රහ විස්වාස කරන්න,සරණ යන්න අදහන්න කියා තිබෙනවාද?  

අප සරණ ගියේ බුදුරජානන් වහන්සේ නම් ,ඇයි උන්වහන්සේ දෙශනා කර නැති මේ දෙවල් පසු පස අන්ධයෝ වගේ යන්නේ? 

මේ කියන නැකැත්,
කේන්දර,ග්‍රහ වලින් අපට සෙතක් , ලාභයක් ලැබෙනවානම් ඒක මුලින්ම දේශනා කරන්නේ බුදුරජානන් වහන්සේ නොවේද? 

උන්වහන්සේ මහා කාරුනිකයි නොවෙද? 

කේන්දර, නැකැත්,ග්‍රහ කියන්නේ  මිත්‍යා විශ්වාසයි.බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා මිත්‍යාදුෂ්ඨිකයන් හට තිබෙන්නේ උත්පත්ති දෙකයි. එකක් නිරයේ අනික තිරිසන් ලොකයේ.

අද ලංකාවේ බොහෝ බෞද්ධ යැයි නමට කියාගන්නා බියගුලුන් කේන්දරෙට, නැකැත් වලට, ග්‍රහයින්ට නිවටයන් වගේ යටත් වෙලා ඉන්නේ.බයයි කේන්දරයට, ග්‍රහයින්ට
මොකක් හෝ සිදුවුනු ගමන්ම කේන්දරය බලන්න යයි, ග්‍රහයින්ට පූජා පවත්වයි, එක කියන කියන දේ කරයි, "මේ අපල දුරුවේවා" වැනි ලාමක දෙවල් රෙදිවල ලියා ලැජ්ජා නැතිව උතුම් බෝධීන් වහන්සේලාගේ ගැට ගසා එයටත් අගෞරව කරයි. බුදුරජානන් වහන්සේ එසේ දෙශනා කර තිබේද? මේ බෞද්ධයෝද?මේ මිත්‍යාදුෂ්ඨික පිරිස්. 

කී දෙනාටද ඒවගේ අවස්ථාවලදී බුදුරජානන් වහන්සේ සිහිවෙන්නේ? කී දෙනාටද උතුම් තිසරණය සිහිවෙන්නේ? එසේ නොමැතිව කේන්දර,නැකැත්,ග්‍රහහින් පස්සේ අන්ධයෝ වගේ යනවානම් බෞද්ධ කියන්න එපා.ලැජ්ජයි. ඒක බුදුරජානන් වහන්සේට , උතුම් ශ්‍රී සද්ධර්මයට , ඒ ආර්ය සගරුවනට කරන ලොකූ අගෞරවයක්. 

 නිවරදි බෞද්ධයා කියන්නේ මුලු ලොකෙම වෙන පැත්තක් ගත්තත් ඔහු බුදුරජානන් වහන්සේගේ පැත්තේ.ඒ වගේ කොන්දක් තියෙන, නිර්භීත කෙනෙක්.නැතිව මේ කණාමැදිරි එලි පස්සේ දුවන බියගුල්ලන්ට නොවේ.

මේ වගේ පිරිස් නිසයි බුදු දහම ලොකයෙන් අතුරුදහන් වෙන්නේ. බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා මේ බුද්ධ සාසනය විනාශ කරන්නේ වෙනත් ආගම් වල පිරිස් නොවේ, මේ සාසනේම බිහිවෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවනක් පිරිස විසින්ම බව. 

මෙ නැකැත්, කේන්දර, ග්‍රහ වැනි සාස්ත්‍ර පිලිබද,සරණ යන්න, විස්වාස කරන්න කියා බුදුරජානන් වහන්සේ දේශනා කර නැහැ. මේවා බමුණන්ගෙන් පැවත එන්නකි. අප සරණ ගියේ බමුණොද ? 
මේවා විශ්වාස කරනවානම් අඩුම තරමින් තමන් සරණ ගියේ බමුනන්වයි කියල කියන්න. ලැජ්ජා නැතිව බෞද්ධ කියන්න එපා.

 බෞද්ධයා කොන්ද කෙලින් තියාගෙන වැඩ කල යුතුයි. බෞද්ධයාට සරණ යන්න තිබෙන්නේ උතුම් තිසරණය පමනි.බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා,
යම් පුද්ගලයකු සරණ යනවානම් බුදුරජානන් වහන්සේ පමනක් සරණ යන්න, 
යම් දෙයක් සරණ යනවානම් ඒ ශ්‍රී සද්ධර්මය පමනක් සරණ යන්න, 
යම් පිරිසක් සරණ යනවානම් ආර්ය සගරුවන පමනක් සරණ යන්න කියා.

හිතන්න උන්වහන්සේ නොදෙසූ ඒවා අපට මොකටද?
මෙතරම් උතුම් ශ්‍රී සද්ධර්මයක් තියෙන කොට මේ පුහු දෙවල් මොකටද? 
ඉර පායලා තියෙද්දී කණා මැදිරි එලි අපට මොකටද? මේ පුහු දෙවල් විශ්වාස කිරීම නිසා වන්නේ සතර අපාය උරුම කරගන්නයි. ඒක තියෙන්නේ තමා අතෙමයි. 


දැන්වත් අප බුද්ධිමත් වෙමු. අප, මේ විශාල ලොකයෙන්, බුදුරජානන් වහන්සේගේ නිර්මල ධර්මය තිබෙන ලංකාව වගේ රටක , උතුම් බුද්ධ දේශනා ඇහෙන මේ වගේ කාලෙක ඉපදිලා මේ පුහු, නැකැත්, කේන්දර, ග්‍රහ වැනි මිත්‍යා දේවල් විශ්වාස කර කර ඉන්නවානම් එය මහත් අවාසනාවකි. 


අපට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි. දැන්වත් නිවරදි ලෙස තෙරුවන් සරණය යමු. මේ උතුම් ධර්මය ආරක්ෂා කරගනිමු. නිවරදි බෞද්ධයකු ලෙස තෙරුවන් සරණ ගොස් මේ උතුම් බුද්ධ සාසනේදීම උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ කරමු.
 තෙරුවන් සරණයි..!

5 comments:

  1. බොහොම වටිනා අදහසක් සහෝදරයා......දිගටම ලියන්න
    තෙරුවන් සරණයි !

    ReplyDelete
  2. හරියටම හරි 100%ක් එකගයි..ජ්‍යෝතිශය යනු හින්දු ආගමේම උප ආගමක්. ඒවා පිළිගන්නෝ බෞද්ධයෝ නොවෙයි. අපල පාන්කඩ එල්ලන්නෝ ද බෞද්ධයෝ නොවෙයි.

    ReplyDelete
  3. May be truth ... As I think .....

    ReplyDelete
  4. very good post. I shared this in FB.

    ReplyDelete
  5. ගොඩක් හොද ලිපියක්......

    ReplyDelete