Monday, January 2, 2012

මාරයා යනු සංකල්පයක්ද?

තෙරුවන්සරණයි..!

මාරයා කියන්නේ සංකල්පයක්ද? නැතිනම් ඇත්තටම මාරයා කියලා කෙනෙක් ඉන්නවා ද? අප විමසා බලමු.

සාරා සංඛ කල්ප ලක්ෂයක් පාරමී දම් පුරලා අප මහා බෝසතානන් වහන්සේ මාරයා පරාජය කර සම්බුද්ධත්වයට පත් වූයේය. උන්වහන්සේ විසින් සියලුම ලොක අවබෝධ කල සේක.උන්වන්සේ තමා අපට මේ නොපෙනෙන ලොකය ගැන විස්තර දේශනා කර ඇත්තේ.උන්වහන්සේගේ අවබෝධය හමුවේ අප කවුරුන්ද?

මාරයා යනු සංකල්පයක්ද?

නැහැ.මාරයා කියන්නේ තනතුරක්.කාලෙන් කාලෙට කර්මානු කූලව සත්වයා ඒ තනතුරට පත් වෙනවා. මාර තනතුරට පත් වනුයේ පිරිමි කෙනෙක්.මේ මාරයා යනු බොහෝ බලවත් කෙනෙකි.බුදු රජානන් වහන්සේ නමකට පමනයි දෙවෙනි වන්නේ. මෙ මාරයාට බලගතු සේනා දහයක් ඉන්නවා.එම සේනා යොදාගෙන සියලුම සත්වයන්ට පහර දෙනවා.ඒ සේනාව යොදාගෙන සමස්ථ ලොකයම මාරයාගේ ග්‍රහනයට නතු කරගන්නචා. මිනිසුන්ට ආවේශවෙනවා. 


කකුසද බුදුරජානන් වහන්සේගේ කාලයේ දුසී කියලා මාරයෙක් හිටියා. එ මාරයා එම ආත්මයෙන් නිදහස් වෙලා අපායේ ඉදලා ගෞතම බුදුරජානන් වහන්සේ ලග පැවදි වුනා. ඒ අප බුදුරජානන් වහන්සේගේ අග සව් වන මුගලන් මහ රහතන් වහන්සේය.

මාරයාට අයිති දේවල් මොනාද?

දිනක් බුදුරජානන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා
"මේ ඇස අනිත්‍යයි.ඇසට පෙනෙන රූපය අනිත්‍යයි.
මේ කණ අනිත්‍යයි.කණට ඇහෙන ශබ්ධය අනිත්‍යයි.
මේ නාසය අනිත්‍යයි.නාසයට දැනෙන ගද සුවද අනිත්‍යයි.
මේ දිව අනිත්‍යයි.දිවට දැනෙන රස අනිත්‍යයි.
මේ කය අනිත්‍යයි.කයට දැනෙන ස්පර්ශය අනිත්‍යයි.
මේ මනස අනිත්‍යයි.මනසට දැනෙන අරමුනු අනිත්‍යයි."
"මේ අනිත්‍යය නිසා මේවාට තිබෙන ආශාව නැතිකරගත යුතුයි.ඒත් ඒකට අපි කැමති නැහැ.ඒ නිසා දෙවියන් , මිනිසුන් දුකසේ වාසය කරනවා" කියලා දේශනා කලා. 


මේ වෙලාවේ ගොවියෙක් ඇවිත් "ස්වාමීනි මගේ හරක් ටික මේ පැත්තෙන් ගියාද?" කියලා අහුවා. මෙසේ ඇවිත් ඉන්නේ මාර වසගයෙන් බව උන්වහන්සේ දු‍ටුවා.උන්වහන්සේ "මාරය නුබේ හරක් නුබ සොයාගනින්" ලෙස දේශනා කලා.

එවිට ගොවියා කියනවා "ස්වාමීනී ඔය ඇස මගේ.ඇසට පෙනෙන රූපයත් මගේ" 
උන්වහන්සේ වදාලා, "ඔව් මාරය මේ ඇස නුබේ.ඇසට පෙනෙන රූපයත් නුබේ තමයි."
 
මෙසේ,

"ස්වාමීනී ඔය කණ මගේ.කණට ඇහෙන ශබ්ධයත් මගේ"
 
   "ඔව් මාරය මේ කණත් නුබේ.කණට ඇහෙන ශබ්ධත් නුබේ තමයි."
 
"ස්වාමීනී ඔය නාසයත් මගේ.නාසයට දැනෙන ගද සුවදත් මගේ"
 
   "ඔව් මාරය මේ නාසය නුබේ.නාසයට දැනෙන ගද සුවදත් නුබේ තමයි."
 
"ස්වාමීනී
ඔය දිවත් මගේ.දිවට දැනෙන රසයත් මගේ"
 
   "ඔව් මාරය මේ දිව නුබේ.දිවට දැනෙන රසත් නුබේ තමයි."
 
"ස්වාමීනී
ඔය කයත් මගේ.කයට දැනෙන ස්පර්ශයත් මගේ"
 
   "ඔව් මාරය මේ කය නුබේ.කයට දැනෙන ස්පර්ශයත් නුබේ තමයි"
 
"ස්වාමීනී
ඔය මනසත් මගේ .මනසට දැනෙන අරමුනුත් මගේ"
 
   "ඔව් මාරය මේ මනස නුබේ.මනසට දැනෙන අරමුනුත් නුබේ."
 
"ශ්‍රමනය යම් කෙනෙක් ඔය ආයතන හය මම, මගේ කියලා සිතා සිටිනවාද ඒ සියලු දෙනාමත මගේ"
 
   "ඔව් මාරය යම් කෙනෙක් ඔය ආයතන හය මම, මගේ කියලා සිතා සිටිනවාද ඒ සියලු දෙනාම  නුබේ තමයි"


එතකොට අප අයිති අපට නොවේ.මේ ඇස,කණ,නාසය,දිව,කය,මනස සියල්ලටම වෙනම අයිතිකාරයෙක් ඉන්නවා.ඒ මාරයයි.අප අයිති මාරයාටයි.
 
පසුව උන්වහන්සේ ඇසුවා,

  "මාරය යම් කෙනෙක මේ අයතන හය මම, මගේ කියලා ගන්නේ නැත්නම් ඒ කෙනා නුබට අයිතිද "
 
"නැහැ සිවාමීනී යම් කෙනෙක මේ අයතන හය මම, මගේ කියලා ගන්නේ නැත්නම් ඒ කෙනා මට අයිති නැහැ" 

යම් කෙනෙක් මේ ආයතන හය ගැන ආශාව දුරුකර මම ,මගේ කියලා ගන්නේ නැත්තම් ඒ කෙනා මාරයාගේ බැමිවලින් නිදහස් වෙන බව උනහන්සේ වදාල සේක.
 
මොනාද මේ මාර සේනා?

කාමය කියන්නේ පලවෙනි මාර සේනාවයි.පංච කාමයන්ට සිත බැදීයාමයි.මේ සේනාවට මුලු ලෝකයම වසග වෙලා ඉන්නේ.පලවෙනි සේනාවටම යටත්වෙලා ඉන්නේ.මේ ග්‍රහනය එන්න එන්න වැඩිවෙනවා.මේ ග්‍රහනයෙන් ලේසියෙන් මිදෙන්න දෙන්නේ නැහැ.මෙයට අසුනොවී ඉන්නට කාමයේ ආදීනව දැනගත යුතුයි.වීරිය අවශ්‍යයි.
 
කුසල ධර්මයන්හි හිත නො ඇලෙන ස්භාවය දෙවෙනි මාර සේනාවයි.කෙනෙකුට සිල් රකින්න , භාවනා කරන්න, බණ අහන්න සිත් දෙන්නේ නැති ස්භාවයයි.මෙය දුරු කිරීමට වීර්‍යය තිබිය යුතුයි.

තණ්හාව,ආශාව,ඇලීම තුන්වන සේනාවයි.ආශාව නිසා දුක හට ගන්නවා.මෙයින් නිදහස් වීමට සිහිය වීර්‍යය අවශ්‍යයි.

නිදිමත අලසකම තවත් සේනාවක්.
සිතේ ඇතිවෙන බයවන ස්භාවය,එක එක දේවල් මැවි මැවී පේන ස්භාවය තවත් සේනාවක්.
දැඩි බව,ගුණමකුකම තවත් සේනාවක්.
නින්දා,අපකීර්ති ලැබීම තවත් සේනාවක්.
කීර්ති,ලාභ සත්කාර ලැබීම තවත් සේනාවක්.
තමා නිතරම උසස් කොට දක්වා අන් අය පහත් කොට දැක්වීම තවත් සේනාවක්.

මේ සේනා යොදාගෙන මාරයා විසින් මුලු ලොවම තමාගේ ග්‍රහනයේ බැද තබාගන්නවා.මේ සේනාවගෙන් මිදීමට විශාල වීර්‍යයක් තිබිය යුතුයි.

මීට අමතරව මාරයාට ඉන්නවා දූවරු
තුන්දෙනෙක්, තණ්හා රති රගා කියලා. බුදුරජානන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍යය මිනිසෙක් මේ දූ වරු දු‍ටුවොත් ඔහුගේ හදවත සත් අතකට පැලෙනවා ආශාවෙන් මත් වෙලා , ඒතරම් ලස්සන දෙන්නෙක් .

ඉතින් මේ මාරයාගෙන් නිදහස් වෙන්න බැරිද?


ඒ සදහා මාර්ගය තමයි බුදුරජානන් වහන්සේ වදාරන ලද්දේ.ඒ මාර්ගය තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තිබෙන්නේ. නමුත් මේක ලේසි නැහැ.මාරයා කැමති නැහැ නිදහස් වෙලා යනවාට.එයාගේ වැඩේ මේ සසරට බැද තබාගැනීමයි. අඩුම තරමින් අපි, මේ ග්‍රහනයෙන මිදීමට ධර්මයක් දේශනා කරලා තියෙනවා කියන එකටවත් සිත පහදවාගත යුතුයි.
 
බුදුරජානන් වහන්සේ වදාලා යම් කෙනෙක් නිතර නිතර සතර සතිපට්ඨානය වඩයිනම් ඒ පුද්ගලයා හරියට මාරයාගේ ඇහැට  වැලිගසා ඉන්නවා වගෙයි කියලා.

ඉතින් අප දැනගත යුතුයි මේ කරුනු.සියලු ලෝක අවබෝධ කල අප බුදුසමිදානන්  විසින් මෙලෙස දෙශනා කර තිබෙද්දී අප කියනවානම් "ඔය මාරයා කොහෙද් ඉන්නේ?කවුද දැක්කේ?සංකල්පයක් වෙන්න ඇති" කියලා එය උන්වහන්සේට කරන අගෞරවයක්.උන්වහන්සේගේ අවබෝධයට අභියෝග කරන්න අපි කවුද?

උන්වහන්සේ මාරයා පරාජය කර බුද්ධත්වය ලබ
යි මේ සිරි සදහම් දේශනා කලේ. ඉතින් මේ මාර පරාජය කරන්න බලය ඒ උතුම් ධර්මයේ තියෙනවා.
ඉතින් අපත් ඒ උතුම් ධර්මය ගැන සිත පහදාගෙන අවබෝධ කර ගැනීමට උත්සහ කරමු. වීර්‍යය කරමු.

තෙරුවන් සරණයි..!

5 comments:

  1. අපෝ නෑ .... මාරයා කියන්නේ බ්ලොග් ලියන එකෙක්

    ReplyDelete
  2. මේකෙ කියන්නෙ 'කු' මාරය ගැන නෙමෙයි නේද?

    ReplyDelete
  3. හ්ම්ම්ම් මාර දුවරු තුන් දෙනෙක් කියලනේ මම දන්නේ! තණ්හා, රතී, රගා....

    ReplyDelete
  4. තෙරුවන් සරණයි..!
    සමාවන්න. ස්තූතියි වැරද්ද පෙන්වා දුන්නාට. එය නිවරදි කලා.

    ReplyDelete
  5. බොහොම වටිනා ලිපියක්.....

    ReplyDelete