Saturday, February 11, 2012

කන්ඨක අසු...

තෙරුවන් සරණයි..!

අප බෝසතානන් වහන්සේ  උපන් දවසේම ඉපදුන, උන්වහන්සේ ලගම, උන්වනසේට පුදුමාකාර සෙනෙහසින් සිටි, උන්වහසේගේ අභිනික්මනය කල ඒ කන්ඨක අශ්වයා ගැන නොදත් විස්තරයක් දැන ගනිමු.

කන්ඨක අශ්වයා දැන් තව්තිසා දිව්‍ය ලොකයේ කන්ඨක දිව්‍ය පුත්‍රයා ලෙස ඉපදී සිටියි..
මේ පිලිබද විස්තරය තිබෙන්නේ විමාන වස්තු නැමති උතුම් ග්‍රන්තයේය. මුගලන් මහ රහතන් වහන්සේ දිව්‍ය ලොක, දිව්‍ය විමාන ගැන විස්තර සොයා දිව්‍ය ලොකවලට වැඩම කල සේක.


දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ලස්සන දිව්‍ය විමානයක් දැක මෙසේ ඒ දිව්‍යය පුත්‍රයාගෙන් විමසනචා.

" ඔබ තරු වටකරගෙන ඉන්න පුන් සදක් වගේ.. මේ දිව්‍යය විමානය උදේ පාන්දරින් උදාවෙන හිරු මඩල වගේ ලස්සනයි..මේ දිව්‍ය විමානයේ කනු, බිම, බිත්ති සියල්ලම රත්තරන් වලින්, පලිගු වලින් සරසලා. බිමට මුතු මැණික් අතුරලා...ලස්සන පැන් පොකුණු තියෙනවා...ලස්සනට මල් පිපුනු ගස් තියෙනවා..සිනිදු දිව්‍ය සලු ගෙන විසාල පිරිසක් සක්දෙවියන්ට උපස්ථාන කරනවා වගේ උපස්ථාන කරනවා.... ඔබට මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබිලා තිබෙන්නේ දිව්‍ය පුත්‍රය ඔබ මොනවගේ පිනක් කරලද මෙතරම් ආනුභාව සම්පන්න උනේ...?

දිව්‍ය පුත්‍රයා කියනවා..

"ස්වාමීනී මම ඉපදුනේ කපිල වස්තු ජනපදයේ සුද්ධෝදන රජතුමාගේ පුත් කුමරා උපන් දවසේමයි..ස්වාමීනී මම කන්ඨක අශ්වයා වෙලා හිටියේ.. ස්වාමීනී සිද්ධාර්ත කුමාරයාගේ අත් දෙක ජාල හස්ත (එහාට මෙහාට පසසුවෙන නවන්න හැකියි), උන්වහන්සේගේ නියපොතු තබ පාටයි.. එදා ‍රැ උන්වහන්සේ ඇවිදින් මගේ කලවට තට්‍ටු කරලා මට කියනවා " යලුවා මම සම්බුද්ධත්වය හොයාන යනවා, මං මේ සසරින් ලොක සත්වයා එතෙර කරවන්නයි මේ යන්නේ.., ඔබ මාව අරන් යන්න.."

"ස්වාමීනී මට ඒ වචන තේරුනා.මට හරී සතුටක් ඇතිවුනා..මං ආදරයෙන් උන්වහන්සේව පිටේතියාන ගියා. මහා යසස ඇති ඒ උතුම්න් වහන්සේ මගේ පිට උඩින් යනවිට මහත් ආසාවකින් මම උන්වහන්සේව පිට උඩ තියාන ගියේ.. ඊට පස්සේ අපි වෙන රජතුමකුගේ දේශයකට ගියා..මාත් එක්ක හිටියා චන්න..ඊට පස්සේ ස්වාමීනී සිද්ධාර්ථ කුමාරයා අපිව දාලා ගියා.. දාලා යන්න කලින් උන්වහන්සේගේ සිරි පතුල් වල තිබූ තබවන් නියපොතු මම ලෙවකෑවා..උන්වහන්සේ අපිව දාලා යනකොට අපි හොදටම ඇඩුවා.. ස්වාමීනී මම අඩ අඩා ඉන්නකොට මට අසනීප උනා..මම එතනම මැරුනා. මැරිලා ඉපදුනා මේ තව්තිසා දිව්‍ය ලොකයේ.. මෙහෙ ඉපදිලා කාලයක් ඉන්නකොට බුදුකෙනෙක් පහල උනා කියලා මෙහි මහා ප්‍රීති ගෝසාවක් පැතිරෙනවා..මම ඒ අදහසම දරාගෙනයි මේ නිවන කරා යන්නේ..

අනේ ස්වාමීනී ඔබ වහන්සේ ගිහින් මගේ වචනයෙන් උන්වහන්සේව වන්දනා කරන්න.. ලොකයේ කිසිකෙනෙක් උන්වහන්සේට සම කරන්න බැහැ.. මාර සේනා පැරදවූ බුදුරජානන් වහන්සේ දකින මම යනවා..බුදුරජානන් වහන්සේලා දැකීම දුර්ලබයි.." කියලා කන්ඨක දිව්‍ය පුත්‍රයා බුදුරජානන් වහන්සේ බැහැදකින්න ගියා..එවෙලේ බුදුරජානන් වහන්සේ චතුරාර්‍ය සත්‍යය දෙශනා කරලා කන්ඨක දිව්‍ය පුත්‍රයා සෝවාන ඵලයට පත්වෙලා අතුරු දහන් වුනා...

දිව්‍යය ලොකවල දෙවිවරුන්ට නිවන් අවබෝධ කරන්න බැහැ කියලා කියන්නේ මේවගේ දෙශනා නොදන්න පිරිස්ය.. දෙවිවරුන්ට අපට වඩා ඉක්මනින් පහසුවෙන් නිවන් අවබෝධ කරගැනීමට මගඵල ලබා ගැනීමට හැකියි.

අපත් මේ වගේ දේශනා ඉගෙන ගෙන සිත පහදවා ගනිමු..

1 comment:

  1. දෙවියන්ටත් මාර්ගඵල අවබෝධ කරගත හැකියි,පින් කල හැකියි,ඉතා හොඳ කරුණක්...මහරගම ශ්‍රී වජිරඥාන පන්සලේ පෝය දින බන දේශනාවකටද මේ බව පැහැදිලි කරලා දුන්නා...


    වටිනා ලිපියක්...දිගටම ලියන්න,බුදුසරණයි.

    ReplyDelete