Sunday, February 12, 2012

මේ උතුම් සිරිපා වන්දනා සමයයි

තෙරුවන් සරණයි...!

මේ උතුම් සිරිපා වන්දනා සමයයි.. අප සරණගිය බුදුපියානන් වහන්සේගේ ඒ උතුම් සිරිපතුල සිත් පහදවාගෙන වන්දනා කරමු. ඒ සදහා මෙම සටහන උපකාරයක්ම වේවා....!

සියලු බුදුවරුන් පහල වන්නේ ජම්බුද්ධීපයේය.බෝධිසත්වයන් වහන්සේලා ද පහල වන්නේ ජම්බුද්ධීපයේය.එය බුද්ධ විශයකි. ලංකාව යනු පර්‍යන්ත දේශයකි.මෙහි කිසි කලෙක බුදුවරුන් හෝ බෝසත්වරුන් පහල වන්නේ නැත.පර්‍යන්ත දේශ යනු සම්බුද්ධත්ව පරිනිර්වාණයෙන් පසු අනාගතයේ බුද්ධ ශාසනය ආරක්ෂිතව පවතින දේශයි.

අප බුදුපියානන්
හන්සේ තුන්වරක් ලක් දිවට වැඩම කර අනාගතයේදී සම්බුද්ධ ශාසනය බබළන්නේ ලක්දිව බව බුදු ඇසින් දැක ලක්දිව පුජනීයත්වයට පත්කල සේක.

පලමු වර වැඩම කිරීම

බුදුපියානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව මාස නවයකට පසු පැමිනි පළමු දුරුතු පොහොය දින පස්වරුවේ පළමු වරට ලක්දිව
මහියංගනයවැඩම කල සේක.

එහිදී සිදුකල ධර්ම දේශනයෙන් මගඵල ලැබූ සුමන සමන් දෙවිදුන් බුදුපියානන් වහන්සේව සිහිකර වන්දනා මාන කිරීමට පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය.එවිට ලැබුනු කේශධාතූන් වහන්සේලා මහියංගනය මියුගුණ සෑයේ තැම්පත්ව ඇත.

 දෙවන වර වැඩම කිරීම

බුද්ධත්වයෙන් පස්වන වසරේදී චූලෝදර , මහෝදර යන නාගයන් අතර මිණි පළගක් නිසා ඇතිවීමට ගිය මහා සටනක් සංසිදුවීමට  දෙවන වර අප බුදුපියාන්
වහන්සේ  ලක් දිව නාගදීපට වැඩම කල සේක.

එහිදී මණි අක්ඛිත නා රජතුමා විසින් නැවත වරක් ලක්දිවට වැඩම කර කැළණියේ පිහිටි තම භවනට වැඩම කරන ලෙස ආරාධනා කල සේක.

තෙවන වර වැඩම කිරීම

මෙම ආරාධනය පිළිගෙන අප බුදුපියානන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේදී වෙසක් පොහොය දවසේ කැළණියට වැඩම කල සේක.

මෙම ගමනේදී උන්වහන්සේ සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා ප්‍රමුක පන්සීයක් මහරහතන් වහන්සේලා වැඩම කල සේක.

උන්වහන්සේලා කැළණි ගගෙන් පැන් පහසුව සලසා නා රජු ඇතුලු පිරිස පූජා කල දන් වලදා නාගදීපයේදී ආරවුලට මුල්වූ මිණි පළග මත වැඩ හිද ධර්ම දේශනා කල සේක. එදා උන්වහන්සේ ධර්මය දේශනා කල තැන තමා අද කැළණි ස්තූපය සාදා ඇත්තේ.

කැළණි ගං පතුලේ සිරිපා සටහනක්
 
පසුව නා රජුගේ ආරාධනයෙන් කැළණි ගං පතුලේ සිරිපා සටහනක් පිහිටවූ සේක.

අතිතයේ බුදුරජානන් වහසේලාගේද සිරිපතුල් සටහන්

පසුව මේ සියල්ල සතුටින් අනුමෝදන්වූ සමන් දෙවිදු , අතීතයේ මේ කල්පය තුල පහල වූ කකුසද, කෝනාගම, කාශ්‍යප බුදු රජානන් වහන්සේලාගේද සිරිපා සටහන් සමනොල කදු මුදුනේ පිහි‍ටුවා තිබූ බව දැන අප බුදු පියානන් වහසේට සිරිපා සටහන පිහි‍ටුවන්නට කියා ආරාධනය කලා. 

මෙම ආරාධය පිලිගත් බුදුපියානන් වහන්සේ සමනළ කදු මුදුන වෙත අහසින් වැඩම කර දෙවි බබුන්ගේ සාදු කාරය මැද උන්වහන්සේගේ වම් සිරිපතුලේ සලකුන කදුමුදුනේ සටහන් කල සේක.


මේ මොහොතේ ආශිර්වාද වර්ශාවකින් මුලු ලක්දිවම නැහැවී ගොස් තිබෙනවා. ශ්‍රී පාදයෙන් විහිදුනු බුදු‍රැස් ලක්දිව පුරා පැතිරිලා, ගස්වල අකාලයේ මල් පිපිලා, දිව්‍ය මල් සුවද සැමතැන පැතිරිලා ලක්දිව දිව්‍ය විමානයක සිරි ගෙන තිබේ.

දිවා ගුහාව

ඉන්පසුව බුදුපියානන් වහන්සේ රහතන් වහන්සේලා සමග සමනල අඩවියේ පිහිටි ලෙනක සමාධි සුවයෙන් වැඩ සිටි සේක.එය දිවා ගුහාව ලෙස හදුන්වයි.


ඉන්පසු බුදුපියානන් වහන්සේ රහතන වහන්සේලා සමග ලක් දිවයිනේ ස්ථාන ගනනාවකට වැඩම කර ඒ ස්ථාන වල සමවත් සුවයෙන් වැඩ සිටි සේක. ඒ උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැම්පත් කර ඇති දීඝවාපිය, මුතියංගනය, ආදී සොලොස්මස්ථාන වලය.

ඒ උතුම් සිරිපතුල

මෙසේ සටහන් කල සිරිපතුලේ සියුම් රේඛාවලින් යුතු දහසක් නිම්වළලු ඇති චක්‍ර ලකුණු ඒ සිරිපතුලේ පිහිටා තිබෙනවා.මගුල් ලකුණු එකසිය අටකින් සමන්විතයි. මේ සිරිපා සටහන ධාතු පරිනිර්වානය වන දවස වෙනකල්ම පවතිනවා.


සුමන සමන් දෙවියන් දිව්‍ය විමානයද සමනල කන්ද අඩවියයි. ශ්‍රද්ධාවෙන්ම සිරිපතුල වන්දනා කරන පිරිස් ‍රැක බලාගන්නේද සමන් දෙවිදුයි. 

සිරිපතුල් සටහන

සමනළ කදු මුදුනට අමතරව නර්මදා නම් නා රජුගේ ආරාධනයෙන් නර්මදා නදිය අසබඩ , සච්චබද්ධ තෙරනුන්ගේ ආරාධනයෙන් සච්චබද්ධ පර්වතය මුදුනේද, පුණ්ණ තෙරනුන්ගේ ආරාධනයෙන් යොනක පුරයේද, මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළණි ගං පතුලේද, අනුරාධපුරයේ ථූපාරාමය සහ අභ
ගිරි ස්තූපය පිහි‍ටුවා තිබෙන තැන් වලද සිරිපතුල් සටහන පිහි‍ටුවා ඇත.


මෙසේ ආශ්චර්‍යවත්, දෙවියන් , බබුන්, නාගයින් මෙන්ම මිනිසුන් ගෞරවයෙන් වන්දනා මාන කරන ඒ උතුම් සිරිපතුල අපත් සිත පහදවාගෙන වන්දනා කර බොහෝ  පිං ‍රැස් කර ගනිමු.


සිරිපා කරුනාව හුදෙක් විනොද ගමනක් ලෙස නොව ජීවමාන බුදුපියානන් වහන්සේ දැක වන්දනා කරනවා යැයි සිතා සිත පහදවාගෙන වන්දනා කරමු.

1 comment:

  1. අද තමයි පර්‍යන්ත දේශ ගැන දැනගත්තේ.බොහොම ස්තුතියි.

    ReplyDelete