Showing posts with label විස්මිත. Show all posts
Showing posts with label විස්මිත. Show all posts

Sunday, February 12, 2012

මේ උතුම් සිරිපා වන්දනා සමයයි

තෙරුවන් සරණයි...!

මේ උතුම් සිරිපා වන්දනා සමයයි.. අප සරණගිය බුදුපියානන් වහන්සේගේ ඒ උතුම් සිරිපතුල සිත් පහදවාගෙන වන්දනා කරමු. ඒ සදහා මෙම සටහන උපකාරයක්ම වේවා....!

සියලු බුදුවරුන් පහල වන්නේ ජම්බුද්ධීපයේය.බෝධිසත්වයන් වහන්සේලා ද පහල වන්නේ ජම්බුද්ධීපයේය.එය බුද්ධ විශයකි. ලංකාව යනු පර්‍යන්ත දේශයකි.මෙහි කිසි කලෙක බුදුවරුන් හෝ බෝසත්වරුන් පහල වන්නේ නැත.පර්‍යන්ත දේශ යනු සම්බුද්ධත්ව පරිනිර්වාණයෙන් පසු අනාගතයේ බුද්ධ ශාසනය ආරක්ෂිතව පවතින දේශයි.

අප බුදුපියානන්
හන්සේ තුන්වරක් ලක් දිවට වැඩම කර අනාගතයේදී සම්බුද්ධ ශාසනය බබළන්නේ ලක්දිව බව බුදු ඇසින් දැක ලක්දිව පුජනීයත්වයට පත්කල සේක.

පලමු වර වැඩම කිරීම

බුදුපියානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව මාස නවයකට පසු පැමිනි පළමු දුරුතු පොහොය දින පස්වරුවේ පළමු වරට ලක්දිව
මහියංගනයවැඩම කල සේක.

එහිදී සිදුකල ධර්ම දේශනයෙන් මගඵල ලැබූ සුමන සමන් දෙවිදුන් බුදුපියානන් වහන්සේව සිහිකර වන්දනා මාන කිරීමට පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය.එවිට ලැබුනු කේශධාතූන් වහන්සේලා මහියංගනය මියුගුණ සෑයේ තැම්පත්ව ඇත.

 දෙවන වර වැඩම කිරීම

බුද්ධත්වයෙන් පස්වන වසරේදී චූලෝදර , මහෝදර යන නාගයන් අතර මිණි පළගක් නිසා ඇතිවීමට ගිය මහා සටනක් සංසිදුවීමට  දෙවන වර අප බුදුපියාන්
වහන්සේ  ලක් දිව නාගදීපට වැඩම කල සේක.

එහිදී මණි අක්ඛිත නා රජතුමා විසින් නැවත වරක් ලක්දිවට වැඩම කර කැළණියේ පිහිටි තම භවනට වැඩම කරන ලෙස ආරාධනා කල සේක.

තෙවන වර වැඩම කිරීම

මෙම ආරාධනය පිළිගෙන අප බුදුපියානන් වහන්සේ බුද්ධත්වයෙන් අටවන වසරේදී වෙසක් පොහොය දවසේ කැළණියට වැඩම කල සේක.

මෙම ගමනේදී උන්වහන්සේ සමග සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා ප්‍රමුක පන්සීයක් මහරහතන් වහන්සේලා වැඩම කල සේක.

උන්වහන්සේලා කැළණි ගගෙන් පැන් පහසුව සලසා නා රජු ඇතුලු පිරිස පූජා කල දන් වලදා නාගදීපයේදී ආරවුලට මුල්වූ මිණි පළග මත වැඩ හිද ධර්ම දේශනා කල සේක. එදා උන්වහන්සේ ධර්මය දේශනා කල තැන තමා අද කැළණි ස්තූපය සාදා ඇත්තේ.

කැළණි ගං පතුලේ සිරිපා සටහනක්
 
පසුව නා රජුගේ ආරාධනයෙන් කැළණි ගං පතුලේ සිරිපා සටහනක් පිහිටවූ සේක.

අතිතයේ බුදුරජානන් වහසේලාගේද සිරිපතුල් සටහන්

පසුව මේ සියල්ල සතුටින් අනුමෝදන්වූ සමන් දෙවිදු , අතීතයේ මේ කල්පය තුල පහල වූ කකුසද, කෝනාගම, කාශ්‍යප බුදු රජානන් වහන්සේලාගේද සිරිපා සටහන් සමනොල කදු මුදුනේ පිහි‍ටුවා තිබූ බව දැන අප බුදු පියානන් වහසේට සිරිපා සටහන පිහි‍ටුවන්නට කියා ආරාධනය කලා. 

මෙම ආරාධය පිලිගත් බුදුපියානන් වහන්සේ සමනළ කදු මුදුන වෙත අහසින් වැඩම කර දෙවි බබුන්ගේ සාදු කාරය මැද උන්වහන්සේගේ වම් සිරිපතුලේ සලකුන කදුමුදුනේ සටහන් කල සේක.


මේ මොහොතේ ආශිර්වාද වර්ශාවකින් මුලු ලක්දිවම නැහැවී ගොස් තිබෙනවා. ශ්‍රී පාදයෙන් විහිදුනු බුදු‍රැස් ලක්දිව පුරා පැතිරිලා, ගස්වල අකාලයේ මල් පිපිලා, දිව්‍ය මල් සුවද සැමතැන පැතිරිලා ලක්දිව දිව්‍ය විමානයක සිරි ගෙන තිබේ.

දිවා ගුහාව

ඉන්පසුව බුදුපියානන් වහන්සේ රහතන් වහන්සේලා සමග සමනල අඩවියේ පිහිටි ලෙනක සමාධි සුවයෙන් වැඩ සිටි සේක.එය දිවා ගුහාව ලෙස හදුන්වයි.


ඉන්පසු බුදුපියානන් වහන්සේ රහතන වහන්සේලා සමග ලක් දිවයිනේ ස්ථාන ගනනාවකට වැඩම කර ඒ ස්ථාන වල සමවත් සුවයෙන් වැඩ සිටි සේක. ඒ උන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැම්පත් කර ඇති දීඝවාපිය, මුතියංගනය, ආදී සොලොස්මස්ථාන වලය.

ඒ උතුම් සිරිපතුල

මෙසේ සටහන් කල සිරිපතුලේ සියුම් රේඛාවලින් යුතු දහසක් නිම්වළලු ඇති චක්‍ර ලකුණු ඒ සිරිපතුලේ පිහිටා තිබෙනවා.මගුල් ලකුණු එකසිය අටකින් සමන්විතයි. මේ සිරිපා සටහන ධාතු පරිනිර්වානය වන දවස වෙනකල්ම පවතිනවා.


සුමන සමන් දෙවියන් දිව්‍ය විමානයද සමනල කන්ද අඩවියයි. ශ්‍රද්ධාවෙන්ම සිරිපතුල වන්දනා කරන පිරිස් ‍රැක බලාගන්නේද සමන් දෙවිදුයි. 

සිරිපතුල් සටහන

සමනළ කදු මුදුනට අමතරව නර්මදා නම් නා රජුගේ ආරාධනයෙන් නර්මදා නදිය අසබඩ , සච්චබද්ධ තෙරනුන්ගේ ආරාධනයෙන් සච්චබද්ධ පර්වතය මුදුනේද, පුණ්ණ තෙරනුන්ගේ ආරාධනයෙන් යොනක පුරයේද, මණි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළණි ගං පතුලේද, අනුරාධපුරයේ ථූපාරාමය සහ අභ
ගිරි ස්තූපය පිහි‍ටුවා තිබෙන තැන් වලද සිරිපතුල් සටහන පිහි‍ටුවා ඇත.


මෙසේ ආශ්චර්‍යවත්, දෙවියන් , බබුන්, නාගයින් මෙන්ම මිනිසුන් ගෞරවයෙන් වන්දනා මාන කරන ඒ උතුම් සිරිපතුල අපත් සිත පහදවාගෙන වන්දනා කර බොහෝ  පිං ‍රැස් කර ගනිමු.


සිරිපා කරුනාව හුදෙක් විනොද ගමනක් ලෙස නොව ජීවමාන බුදුපියානන් වහන්සේ දැක වන්දනා කරනවා යැයි සිතා සිත පහදවාගෙන වන්දනා කරමු.

Friday, December 30, 2011

"මම ලෝකයට අග්‍ර වෙමි" සිංහ නාදය

තෙරුවන් සරණයි..!

අප කලින් ලිපියෙහි මහාමායා දේවිය දු‍ටු ඒ අසිරිමත් සිහිනය ගැන දැනගත්තා. අද  උන්වහන්සේගේ අසිරිමත් සිංහ නාදයක් ගැන දැන ගනිමු.

ඉතින් මේ පින්වත් දරුවා මව් කුසට පැමිනීමෙන් පසු සතරවරම් දෙවිවරු විසින් ඒ මව ආරක්ෂාකරනවා.ඉතින් මේ අම්මාට සෘධියක් ලැබෙනවා.අම්මාට දරුවව පේනවා. අම්මා දරුවත් එක්ක කතා කරනවා.දරුවත් කතාකරනවා.

ඉතින් කාලය පැමිනීමත් සමගම බිසවුන් වන්සේ දරුවා ලැබීමට බිසවුන් වහන්සේගේ මවගේ ගෙදර වන දෙව්දහ නුවර යාමට පිටත් උනා. ඒ මාර්ගයේ ලුම්බිණි නැමති බිසවුන් වහන්සේ නමක් සිහිවීම සදහා ඉදිකරපු උයනක විවේක ගැනීමට නතර වුනා.

මේ උයනේ ලස්සනට සල් මල් පිපිලා. බිසවුන් වහසේ සල් ගසක් මුලට ගිහින් සල් අත්තක් අල්ලන්න අත එසවීමත් සමගම ඒ සල් අත්ත පාත් උනා.ඒ අත්ත අල්ලගෙන ඉද්දී අම්මට තේරුනා දරුවා උපදින්න යන බව.
ඒ උත්පත්තිය විශේෂයි.ඒක අත්භූත උත්පත්තියක්. අම්මා හිටගෙන ඉද්දිමයි දරුවා බිහිවුනේ.

මේ දරුවා ඉපදෙද්දීම හරීම පුදුම දෙයක් වුනා. දරුවා ඉපදෙද්දීම පොලොවෙන් දිය කදවල් දෙකක් මතු උනා. එකක් ලා රස්නෙයි, අනෙක ලා සීතලයි. ඒකෙන් අම්මවයි පුතයි දෙන්නම නෑවුනා.


මෙම උල්පත් දෙක තිබිලා තියෙනවා අවුරුදු 1000ක් විතර වන තුරු. චීන ජාතික හියුං සුවැං කියන භික්ෂුව චාරිකාවේ යද්දී මේක දැකලා ඒ පිලිබදව ලියලා තියෙනවා.

ඉතින් මේ බිමට වඩින දරු සිගිත්තා සහම්ප්‍රතී බ්‍රහ්මරාජයා රන් සලුවෙන අතට අරගෙන කීවා, " පින්වත් දෙවියන් වහන්ස සතු‍ටුවන සේක්වා. මහා පින් ඇති පුත් රුවනක් උපන්නා" කියලා.

ඊට පස්සේ සතර වරම් දෙවිවරු අතට ගත්තා, සක් දෙවිදු අතට ගත්තා. පසුව බිසවුන් වහන්සේගේ අතට ගැනීමට පෙර මේ පින්වත් දරුවා හිටගෙන වටපිට බලලා උතුරු දිශාවට පුංචි සිරිපතුල් ඔසවා පියවර තියන්න හදන කොටම නෙලුමක් පිපෙනවා. අයෙත් තියන්න හදනකොටම නෙලුමක් පිපෙනවා. මෙසේ පියවර හතක් ගියා.

ඉන් පසුව මේ දරු සිගිත්තා දකුනු අත ඔසවා දබරගිල්ල අහසට දිගු කර
"මම ලෝකයට අග්‍ර වෙමි
 මම ලොකයට ජේෂ්ඨ වෙමි
 මම ලොකයට ශේෂ්ඨ වෙමි
 මේ මාගේ අවසාන ඉපදීමයි, නැවත ඉපදීමක් නැත."  ලෙස සිංහ නාද කරන ලදි.

ඉතින් මේ සිගිති පුතා ඉපදෙන විට දෙව් ලොවේ විශාල සැනකෙලියක්. මේක දැන ගත්තේ මේ කාලයේ හිමාල වනයේ හිටියා අසිත කියලා තාපස තුමෙක්. එතුමා විවේකය ගත කිරීම සදහා දෙව්ලොව ගිහින් හිටියේ.එතුමා දෙවිවරුන්ගෙන මේ සතු‍ටු වන කාරනාව අසා සිටියා.ඒතකොට දෙවිවරු කියා සිටියා "ලොකේ සම්බුද්ධත්වයට පත්වන මහා පින්වත දරුවා අද උපන්නා" කියලා.

ඉතින් එදා සවස අසිත තාපස තුමා මනුලොවට ඇවිත් මාලිගාවට වැඩම කර මේ පින්වත් දරුවා බලන්න ඉල්ලුවා.ඒ කාලේ තිබ්බ සිරිතක් තමා දරුවා තාපස තුමන්ලාගේ පය පාමුල තියන එක. නමුත් මේ දරුවා පය පාමුල තියන්න හදන කොට පුතාගේ පය තාපස තුමාගේ ජටාවේ වැදුනා. තාපස තුමාට එක වැරම මෙය ලකුනු වෙලා එක වැරම නැගිටලා දරුවා දිහා බලලා වැන්දා. ඊට පස්සේ එතුමා හිනා උනා.පසුව ඇඩුවා.

මේකට රජතුමා බය වෙලා ඒ පිලිබදව විමසා සිටියා.

තාපස තුමා කීවා, " රජතුමනි මම හිනා උනේ මේ දරුවා ස්ථිරවම සම්බුද්ධත්වයට පත් වෙන නිසයි.ඇඩුවේ ඒ වෙනකොට මට වාසනාවක් නෑ අහන්න, දකින්න නිසයි."

එතුමා පසුව සෙත් පතලා නංගිගේ ගෙදර ගිහින් මේ සිද්ධිය කීවා.ඒ ගෙදර හිටිය නාලක කියන පුතාට කතා කරලා " පුතේ බුදුකෙනෙක් ලොව පහල වෙලා.අදම ගිහිගෙය අත හැරලා පැවදි වන්න.අනාගතේ දවසක ආරංවිවෙයි බුද්ධත්වය ලබලා දහම් දෙසන බව.එදාට ඇවිත් දහම් අහන්නැයි" කියලා කීවා.

ඉතින් සිතා බලන්න මෙ දෙවල් දැන ගත්තහම නේද හිතේ පැහැදීම ඇති වන්නේ.ඒවා විස්මිත, සුන්දර සිදුවීම්. අපත් මේ විස්මිත සිදුවීම් දැනගෙන හිතේ පැහැදීම වැඩිකර ගනිමු.

තෙරුවන් සරණයි..!

Wednesday, December 28, 2011

මහාමායා දේවිය දු‍ටු ඒ සුන්දර , විස්මිත සිහිනය...

තෙරුවන් සරණයි..!

අප බොහෝදෙනෙක දනුයේ මහාමායා දේවිය දු‍ටු සිහිනයේ අවසාන කොටස වන සුදු ඇත් පැටවා කුසට ඇතුලු වීම පිලිබදව නේද? අප ඒ විස්මිත සිහිනය දැනගනිමු.එය එය අපගේ ශ්‍රද්ධාව වැඩිවීමටද හේතු වේවි..

අපගේ ගෞතම බුදු රජානන් වහන්සේ මීට වසර 2635 පෙර තුසිත දිව්‍ය ලොව සිටියේය. සුදුසු කාලය එලබීමත් සමග දෙවිවරු විසින් උන්වහන්සේට මනුලොව උත්පත්තියට ආරාධනා කලේය. " මහා වීරයානෙනි, මව් කුසක උපදින සේක්වා.දෙවියන් සහිත ලොකයාව එතෙර කරමින් අම නිවන අවබෝධ කරන සේක්වා" ලෙස ආරාධනා කරන් ලදි.

එය පිලිගත් අප බෝසතුන් ඊට සුදුසු විශේෂිත වූ කාරනා 5ක් ගැන විලෝකන බැලීමක් සිදුකරයි. එය සියලු බුදුවරුන් වහන්සේලා මව් කුස පිලිසිද ගැනීමට පෙර එය බලයි. 
ඒ මිනිසුන සත්‍යය සොයන කාලයක් විය යුතුයි. බුද්ධිමත් මිනිසුන් සිටින කාලයක් විය යුතුයි.ඒ කාලය එකල පැමින තිබුනේය. එය කාලය බැලීමයි.

සියලුම බුදුවරුන් පහල වනුයේ ජම්බුද්ධීපයේය.සියලු පසේ බුදුවරුන් ද බෝසත් වරුන්ද පහල වනුයේද ජම්බුද්ධීපයේය. එය බුද්ධ විශයකි.එය දීපය බැලීමයි.

උපදින දේශය මධ්‍යය දේශයයි. ඒ හිමාල පර්වතයට පහල නැගෙන හිර ප්‍රදේශයේ සැවෙත් නුවර, බුද්ධගයාව, බරණැස වගේ ප්‍රදේශ අයත් වේ. එය දේශය බැලීමයි.

සියලුම බුදුවරුන් පහල වනුයේ කුල දෙකක පමනි.ඒ බ්‍රාහ්මන කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේ පමනි. ඊට අදාල කුලයත් තිබෙන බව දක්නට ලැබුනි.එය කුලය බැලීමයි.

උත්පත්තිය සදහා සුදුසු මවක්  සිටීදැයි බැලුවා.ඒ මවට ආයුෂ තිබිය යුත්තේ දරු කුස පිලිසිද ගත් පසු මාස 10 යි දවස් 7 පමනි.ඒක ධර්මතාවක්. මෙම මව ස්භාවයෙන්ම සිල්වත් මවකි.

මවත් ඒ වනවිට මිනිස් ලොව ඉපදී ඇති බැවින් ඇසල පොහොය දිනයේ මෙලෙස මව් කුස පිලිසිද ගන්නා ලදි.

මහා මායා දේවිය ඇසල පොහොය දවසේ යහනාවේ නිදා සිටින විට විස්මිත සිහිනයක් දු‍ටුවා.

චාතුම් මහා රාජික දෙව්ලොව සිටින සතර වරම් දෙවිවරු දේව ආභරණ වලින සැරසී ඇවිත් බිසවුන් වහන්ස නිදා සිටි යහන හතර පැත්තෙන් අල්ලාගෙන ආකාසයෙන් ‍රැගෙන ගොස් හිමාලයේ රිදී පර්වතයක පසේ බුදුවරුන් වහන්සේලා විවේකීව වැඩ සිටින මංජුසක නැමති රුක්ෂය පාමුල යහන තිබ්බා. 
පසුව සතර වරම් දෙවිවරුන්ගේ බිසවුන් වහන්සේලා පැමින  අනෝතප්ත විලට ගෙන ගොස් නහවා දිව්‍ය සලු වලින් සරසලා නැවත යහනාවේ හාන්සිකලේය. නැවත සතර වරම් දෙවිවරු පැමින යහනාව රත්තරම් පාට ගල් තලාවකට ‍රැගෙන ගොස් තැබුවා.

බිසවුන් වහන්සේ දකුනු ඇලයෙන් හානිසි වෙලා ඉන්නවා.ඈතින් සුදු ඇත් පැටියෙක් සිදු නෙලුමක් සොඩින් ගෙන තුන් වතාවක් බිසවුන් වහන්සේ වටා පැදකුනු කර දකුනු ඇලයෙන් කුසට ඇතුල් වුනෙය.

ඒ සමගම බිසවුන් වහන්සේට ඇහැරුනේය...


මෙලෙස තමා අපගේ බුදු පියානන් වහන්සේ මිනිස් ලොවට ආවේ.අප දැන්වත් උන්වහන්සේ ගැන විස්මිත මේ විස්තර, උන්වහන්සේගේ ඒ ධර්මය ගැන දැන ගත යුතුයි නේද? 
අප සරණ ගිය බුදු රජානන් වහන්සේ ගැන ඒ විස්මිත විස්තර දැන ගනිමු. එය අපගේ ශ්‍රද්ධාව වැඩිවීමට හේතු වේවි.

තෙරුවන් සරනයි..!