Thursday, January 5, 2012

ග්‍රහ, නැකත්, කේන්දර සහ බෞද්ධයා..

තෙරුවන් සරණයි..!

මෙම කරුන තමන් විසින්ම තනිවම නිවරදිව විමසා බලන්න. එය ඔබටම යහපතක් වේවි.

බෞද්ධයා යනු කවරෙක්ද?

අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය පුද්ගලයායි.ඔහුට ඇත්තේ බුදුරජානන් වහන්සේ ගැන, ඒ ශ්‍රී සද්ධර්මය ගැන, ආර්ය මහ සංඝරුවන ගැන අවබෝධයෙන්ම ඇතිවූ ශ්‍රද්ධාවකි, සරණ යෑමකි.මෙසේ සරණය ගිය කෙනා හට බුදුරජානන් වහන්සේගේ අවබෝධය පිළිබද කිසිදු සැකයක් නැත.උන්වහන්සේගේ ලෝකවිදූ ගුණය ගැන සැක නැත.
 

යම් කෙනෙක් ග්‍රහ,නැකැත්,
කේන්දර විස්වාස කරයි නම්, සරණ යයි නම් එම කෙනා බෞද්ධයකු නොවේ.නමට උත්පැන්නෙට පමනක් බෞද්ධ වේ. නැකත් කෙන්දර විස්වාස කරනවානම් ඔහු නිවරදි ලෙස තෙරුවන් සරණ ගිය කෙනෙකු නොවේ.

 
ඔබම විමසා බලන්න..

සියලුම ලෝක අවබෝධ කළ, ලෝකවිදූ ගුණයෙන් යුතු බුදුරජානන් වහන්සේ කිසිදු දේශනාවක , කිසිදු අවස්ථාවක මෙම කේන්දර,නැකත්,ග්‍රහ විස්වාස කරන්න,සරණ යන්න අදහන්න කියා තිබෙනවාද?  

අප සරණ ගියේ බුදුරජානන් වහන්සේ නම් ,ඇයි උන්වහන්සේ දෙශනා කර නැති මේ දෙවල් පසු පස අන්ධයෝ වගේ යන්නේ? 

මේ කියන නැකැත්,
කේන්දර,ග්‍රහ වලින් අපට සෙතක් , ලාභයක් ලැබෙනවානම් ඒක මුලින්ම දේශනා කරන්නේ බුදුරජානන් වහන්සේ නොවේද? 

උන්වහන්සේ මහා කාරුනිකයි නොවෙද? 

කේන්දර, නැකැත්,ග්‍රහ කියන්නේ  මිත්‍යා විශ්වාසයි.බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා මිත්‍යාදුෂ්ඨිකයන් හට තිබෙන්නේ උත්පත්ති දෙකයි. එකක් නිරයේ අනික තිරිසන් ලොකයේ.

අද ලංකාවේ බොහෝ බෞද්ධ යැයි නමට කියාගන්නා බියගුලුන් කේන්දරෙට, නැකැත් වලට, ග්‍රහයින්ට නිවටයන් වගේ යටත් වෙලා ඉන්නේ.බයයි කේන්දරයට, ග්‍රහයින්ට
මොකක් හෝ සිදුවුනු ගමන්ම කේන්දරය බලන්න යයි, ග්‍රහයින්ට පූජා පවත්වයි, එක කියන කියන දේ කරයි, "මේ අපල දුරුවේවා" වැනි ලාමක දෙවල් රෙදිවල ලියා ලැජ්ජා නැතිව උතුම් බෝධීන් වහන්සේලාගේ ගැට ගසා එයටත් අගෞරව කරයි. බුදුරජානන් වහන්සේ එසේ දෙශනා කර තිබේද? මේ බෞද්ධයෝද?මේ මිත්‍යාදුෂ්ඨික පිරිස්. 

කී දෙනාටද ඒවගේ අවස්ථාවලදී බුදුරජානන් වහන්සේ සිහිවෙන්නේ? කී දෙනාටද උතුම් තිසරණය සිහිවෙන්නේ? එසේ නොමැතිව කේන්දර,නැකැත්,ග්‍රහහින් පස්සේ අන්ධයෝ වගේ යනවානම් බෞද්ධ කියන්න එපා.ලැජ්ජයි. ඒක බුදුරජානන් වහන්සේට , උතුම් ශ්‍රී සද්ධර්මයට , ඒ ආර්ය සගරුවනට කරන ලොකූ අගෞරවයක්. 

 නිවරදි බෞද්ධයා කියන්නේ මුලු ලොකෙම වෙන පැත්තක් ගත්තත් ඔහු බුදුරජානන් වහන්සේගේ පැත්තේ.ඒ වගේ කොන්දක් තියෙන, නිර්භීත කෙනෙක්.නැතිව මේ කණාමැදිරි එලි පස්සේ දුවන බියගුල්ලන්ට නොවේ.

මේ වගේ පිරිස් නිසයි බුදු දහම ලොකයෙන් අතුරුදහන් වෙන්නේ. බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා මේ බුද්ධ සාසනය විනාශ කරන්නේ වෙනත් ආගම් වල පිරිස් නොවේ, මේ සාසනේම බිහිවෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිවනක් පිරිස විසින්ම බව. 

මෙ නැකැත්, කේන්දර, ග්‍රහ වැනි සාස්ත්‍ර පිලිබද,සරණ යන්න, විස්වාස කරන්න කියා බුදුරජානන් වහන්සේ දේශනා කර නැහැ. මේවා බමුණන්ගෙන් පැවත එන්නකි. අප සරණ ගියේ බමුණොද ? 
මේවා විශ්වාස කරනවානම් අඩුම තරමින් තමන් සරණ ගියේ බමුනන්වයි කියල කියන්න. ලැජ්ජා නැතිව බෞද්ධ කියන්න එපා.

 බෞද්ධයා කොන්ද කෙලින් තියාගෙන වැඩ කල යුතුයි. බෞද්ධයාට සරණ යන්න තිබෙන්නේ උතුම් තිසරණය පමනි.බුදුරජානන් වහන්සේ දේශනා කර තිබෙනවා,
යම් පුද්ගලයකු සරණ යනවානම් බුදුරජානන් වහන්සේ පමනක් සරණ යන්න, 
යම් දෙයක් සරණ යනවානම් ඒ ශ්‍රී සද්ධර්මය පමනක් සරණ යන්න, 
යම් පිරිසක් සරණ යනවානම් ආර්ය සගරුවන පමනක් සරණ යන්න කියා.

හිතන්න උන්වහන්සේ නොදෙසූ ඒවා අපට මොකටද?
මෙතරම් උතුම් ශ්‍රී සද්ධර්මයක් තියෙන කොට මේ පුහු දෙවල් මොකටද? 
ඉර පායලා තියෙද්දී කණා මැදිරි එලි අපට මොකටද? මේ පුහු දෙවල් විශ්වාස කිරීම නිසා වන්නේ සතර අපාය උරුම කරගන්නයි. ඒක තියෙන්නේ තමා අතෙමයි. 


දැන්වත් අප බුද්ධිමත් වෙමු. අප, මේ විශාල ලොකයෙන්, බුදුරජානන් වහන්සේගේ නිර්මල ධර්මය තිබෙන ලංකාව වගේ රටක , උතුම් බුද්ධ දේශනා ඇහෙන මේ වගේ කාලෙක ඉපදිලා මේ පුහු, නැකැත්, කේන්දර, ග්‍රහ වැනි මිත්‍යා දේවල් විශ්වාස කර කර ඉන්නවානම් එය මහත් අවාසනාවකි. 


අපට ලැබෙන අවසාන අවස්ථාව මෙයයි. දැන්වත් නිවරදි ලෙස තෙරුවන් සරණය යමු. මේ උතුම් ධර්මය ආරක්ෂා කරගනිමු. නිවරදි බෞද්ධයකු ලෙස තෙරුවන් සරණ ගොස් මේ උතුම් බුද්ධ සාසනේදීම උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට උත්සහ කරමු.
 තෙරුවන් සරණයි..!

Wednesday, January 4, 2012

නිවරදි බෝධි පූජාවක් කියන්නේ..

තෙරුවන් සරණයි..!

බෝධි පූජාව යනු මිත්‍යාදෘෂ්ඨික වෘක්ෂ වන්දනාවක් නොවේ. බෝධි පූජාව අනුදැන වදාළේ අප සරණ ගිය ගෞතම බුදුරජානන් වහන්සේ විසින්මයි.

බුදුරජානන් වහන්සේ ගන්ධ කුටියෙහි වැඩ නොසිටින අවස්ථා වලදී උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට බෝධියක් රෝපණය කිරීමට ආනන්ද ස්වාමීන් වහන්සේට උපදෙස් ලැබුනි.බුද්ධගයාවේ වැඩ සිටි ජය ශ්‍රී මා බෝධීන් වහන්සේගේ බීජයකින් රෝපණය වූ බෝධීන් වහන්සේ ජේතවනාරාමය ඉදිරිපිට ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් අනේපිඩු සි‍ටුතුමා විසින් රෝපණය කරන ලදි.එය ආනන්ද බෝධිය ලෙස හදුන්වනු ලබන අතර එම බෝධීන් වහන්සේ අසල තුන්යම් ‍රැයක් මුලුල්ලේ සමවත් සුවයෙන් වැඩ හිද බුදුරජානන් වහන්සේ විසින් පරිභෝජනය කොට පූජ්‍යත්වයට පත් කළ සේක. ඉන්පසු ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඒ බෝධීන් වහන්සේට පුද පූජා පැවැත් වූ අතර ඒ සියල්ලම ජීවමාන බුදුරජානන් වහන්සේට කරණු ලබන පූජාවන් විය.

බෝධි පූජාවක් පවත්වන්නේ මෙහෙමයි.

  • පළමුව අප පිරිසිදු වී පිරිසිදු ඇදුමකින් සැරසී බෝධීන් වහන්සේ වැඩ සිටින තැනට යා යුතුයි.
  • ඉන්පසු ශාන්ත ඉරියව් පවත්වමින් බෝ මලුව අමදිමින් පිරිසිදු කළ යුතු වේ. බෝ මලුව තුල විහිලු තහලු, උසුලු විසුලු ආදිය නොකල යුතු වේ.

  • බෝධීන් වහන්සේ සමීපයේ සකසා ඇති තැනක තෙල් පහන්, සුවද දුම් දැල්විය යුතු වන්නේය.
  • පිරිසිදු කල මල් ආසනය මත පැන් ඉසින ලද සුවද මල් පූජා කල යුතු වේ.
  • සුවද පැන් පුරවා ගන්ධ පාත්‍රයක් (සෙම්බුවක්) අතින් ගෙන බුදු ගුණ සිහිකරමින් බෝධීන් වහන්සේගේ දකුණු පැත්තෙන් පැදකුණු කරමින් බෝධීන් වහන්සේට සුවද පැන් ඉසිය යුතු වේ.
  • යා යුතු වට ගණන වැදගත් නොවේ.අප කළ යුත්තේ ශාස්තෘන් වහන්සේගේ ගුණ සමුදාය නැවත නැවත සිහි කිරීමයි.එවිට අප සිතෙහි රාග, ද්වේශ, මෝහ යන කෙලෙසුන් යටපත වීම් හෝ තුනීවීම සිදුවේ.කුසල් සිත හදුන්වන්නේ පිරිසිදු සිතක් ලෙසයි. මේ පිරිසිදු සිත ඇති කර ගැනීමයි බෝධි පූජාවේ මූලිකම අරමුණ විය යුත්තේ.
 වැදගත්..

කිසිදු විටක බෝධීන් වහන්සේ මත ග්‍රහ අපල වැනී දේවල් ලියූ කොඩි , පඩුරු වැනි දෑ ගැටගසන්න එපා.එය බෝධීන් වහන්සේට කරන ලොකූ අගෞරවයක්, එසේ කරන්නට එපා.

 දැන් පැහැදිලියි නේද බෝධි පූජාව කියන්නේ බුද්ධනුස්සති භාවනාවක් කියල.
 
ඉතින් අපි මෙසේ නිවරදිව ගෞරවයෙන් බෝධි පූජාව කරමු.
 තෙරුවන් සරණයි..!

Monday, January 2, 2012

මාරයා යනු සංකල්පයක්ද?

තෙරුවන්සරණයි..!

මාරයා කියන්නේ සංකල්පයක්ද? නැතිනම් ඇත්තටම මාරයා කියලා කෙනෙක් ඉන්නවා ද? අප විමසා බලමු.

සාරා සංඛ කල්ප ලක්ෂයක් පාරමී දම් පුරලා අප මහා බෝසතානන් වහන්සේ මාරයා පරාජය කර සම්බුද්ධත්වයට පත් වූයේය. උන්වහන්සේ විසින් සියලුම ලොක අවබෝධ කල සේක.උන්වන්සේ තමා අපට මේ නොපෙනෙන ලොකය ගැන විස්තර දේශනා කර ඇත්තේ.උන්වහන්සේගේ අවබෝධය හමුවේ අප කවුරුන්ද?

මාරයා යනු සංකල්පයක්ද?

නැහැ.මාරයා කියන්නේ තනතුරක්.කාලෙන් කාලෙට කර්මානු කූලව සත්වයා ඒ තනතුරට පත් වෙනවා. මාර තනතුරට පත් වනුයේ පිරිමි කෙනෙක්.මේ මාරයා යනු බොහෝ බලවත් කෙනෙකි.බුදු රජානන් වහන්සේ නමකට පමනයි දෙවෙනි වන්නේ. මෙ මාරයාට බලගතු සේනා දහයක් ඉන්නවා.එම සේනා යොදාගෙන සියලුම සත්වයන්ට පහර දෙනවා.ඒ සේනාව යොදාගෙන සමස්ථ ලොකයම මාරයාගේ ග්‍රහනයට නතු කරගන්නචා. මිනිසුන්ට ආවේශවෙනවා. 


කකුසද බුදුරජානන් වහන්සේගේ කාලයේ දුසී කියලා මාරයෙක් හිටියා. එ මාරයා එම ආත්මයෙන් නිදහස් වෙලා අපායේ ඉදලා ගෞතම බුදුරජානන් වහන්සේ ලග පැවදි වුනා. ඒ අප බුදුරජානන් වහන්සේගේ අග සව් වන මුගලන් මහ රහතන් වහන්සේය.

මාරයාට අයිති දේවල් මොනාද?

දිනක් බුදුරජානන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා
"මේ ඇස අනිත්‍යයි.ඇසට පෙනෙන රූපය අනිත්‍යයි.
මේ කණ අනිත්‍යයි.කණට ඇහෙන ශබ්ධය අනිත්‍යයි.
මේ නාසය අනිත්‍යයි.නාසයට දැනෙන ගද සුවද අනිත්‍යයි.
මේ දිව අනිත්‍යයි.දිවට දැනෙන රස අනිත්‍යයි.
මේ කය අනිත්‍යයි.කයට දැනෙන ස්පර්ශය අනිත්‍යයි.
මේ මනස අනිත්‍යයි.මනසට දැනෙන අරමුනු අනිත්‍යයි."
"මේ අනිත්‍යය නිසා මේවාට තිබෙන ආශාව නැතිකරගත යුතුයි.ඒත් ඒකට අපි කැමති නැහැ.ඒ නිසා දෙවියන් , මිනිසුන් දුකසේ වාසය කරනවා" කියලා දේශනා කලා. 


මේ වෙලාවේ ගොවියෙක් ඇවිත් "ස්වාමීනි මගේ හරක් ටික මේ පැත්තෙන් ගියාද?" කියලා අහුවා. මෙසේ ඇවිත් ඉන්නේ මාර වසගයෙන් බව උන්වහන්සේ දු‍ටුවා.උන්වහන්සේ "මාරය නුබේ හරක් නුබ සොයාගනින්" ලෙස දේශනා කලා.

එවිට ගොවියා කියනවා "ස්වාමීනී ඔය ඇස මගේ.ඇසට පෙනෙන රූපයත් මගේ" 
උන්වහන්සේ වදාලා, "ඔව් මාරය මේ ඇස නුබේ.ඇසට පෙනෙන රූපයත් නුබේ තමයි."
 
මෙසේ,

"ස්වාමීනී ඔය කණ මගේ.කණට ඇහෙන ශබ්ධයත් මගේ"
 
   "ඔව් මාරය මේ කණත් නුබේ.කණට ඇහෙන ශබ්ධත් නුබේ තමයි."
 
"ස්වාමීනී ඔය නාසයත් මගේ.නාසයට දැනෙන ගද සුවදත් මගේ"
 
   "ඔව් මාරය මේ නාසය නුබේ.නාසයට දැනෙන ගද සුවදත් නුබේ තමයි."
 
"ස්වාමීනී
ඔය දිවත් මගේ.දිවට දැනෙන රසයත් මගේ"
 
   "ඔව් මාරය මේ දිව නුබේ.දිවට දැනෙන රසත් නුබේ තමයි."
 
"ස්වාමීනී
ඔය කයත් මගේ.කයට දැනෙන ස්පර්ශයත් මගේ"
 
   "ඔව් මාරය මේ කය නුබේ.කයට දැනෙන ස්පර්ශයත් නුබේ තමයි"
 
"ස්වාමීනී
ඔය මනසත් මගේ .මනසට දැනෙන අරමුනුත් මගේ"
 
   "ඔව් මාරය මේ මනස නුබේ.මනසට දැනෙන අරමුනුත් නුබේ."
 
"ශ්‍රමනය යම් කෙනෙක් ඔය ආයතන හය මම, මගේ කියලා සිතා සිටිනවාද ඒ සියලු දෙනාමත මගේ"
 
   "ඔව් මාරය යම් කෙනෙක් ඔය ආයතන හය මම, මගේ කියලා සිතා සිටිනවාද ඒ සියලු දෙනාම  නුබේ තමයි"


එතකොට අප අයිති අපට නොවේ.මේ ඇස,කණ,නාසය,දිව,කය,මනස සියල්ලටම වෙනම අයිතිකාරයෙක් ඉන්නවා.ඒ මාරයයි.අප අයිති මාරයාටයි.
 
පසුව උන්වහන්සේ ඇසුවා,

  "මාරය යම් කෙනෙක මේ අයතන හය මම, මගේ කියලා ගන්නේ නැත්නම් ඒ කෙනා නුබට අයිතිද "
 
"නැහැ සිවාමීනී යම් කෙනෙක මේ අයතන හය මම, මගේ කියලා ගන්නේ නැත්නම් ඒ කෙනා මට අයිති නැහැ" 

යම් කෙනෙක් මේ ආයතන හය ගැන ආශාව දුරුකර මම ,මගේ කියලා ගන්නේ නැත්තම් ඒ කෙනා මාරයාගේ බැමිවලින් නිදහස් වෙන බව උනහන්සේ වදාල සේක.
 
මොනාද මේ මාර සේනා?

කාමය කියන්නේ පලවෙනි මාර සේනාවයි.පංච කාමයන්ට සිත බැදීයාමයි.මේ සේනාවට මුලු ලෝකයම වසග වෙලා ඉන්නේ.පලවෙනි සේනාවටම යටත්වෙලා ඉන්නේ.මේ ග්‍රහනය එන්න එන්න වැඩිවෙනවා.මේ ග්‍රහනයෙන් ලේසියෙන් මිදෙන්න දෙන්නේ නැහැ.මෙයට අසුනොවී ඉන්නට කාමයේ ආදීනව දැනගත යුතුයි.වීරිය අවශ්‍යයි.
 
කුසල ධර්මයන්හි හිත නො ඇලෙන ස්භාවය දෙවෙනි මාර සේනාවයි.කෙනෙකුට සිල් රකින්න , භාවනා කරන්න, බණ අහන්න සිත් දෙන්නේ නැති ස්භාවයයි.මෙය දුරු කිරීමට වීර්‍යය තිබිය යුතුයි.

තණ්හාව,ආශාව,ඇලීම තුන්වන සේනාවයි.ආශාව නිසා දුක හට ගන්නවා.මෙයින් නිදහස් වීමට සිහිය වීර්‍යය අවශ්‍යයි.

නිදිමත අලසකම තවත් සේනාවක්.
සිතේ ඇතිවෙන බයවන ස්භාවය,එක එක දේවල් මැවි මැවී පේන ස්භාවය තවත් සේනාවක්.
දැඩි බව,ගුණමකුකම තවත් සේනාවක්.
නින්දා,අපකීර්ති ලැබීම තවත් සේනාවක්.
කීර්ති,ලාභ සත්කාර ලැබීම තවත් සේනාවක්.
තමා නිතරම උසස් කොට දක්වා අන් අය පහත් කොට දැක්වීම තවත් සේනාවක්.

මේ සේනා යොදාගෙන මාරයා විසින් මුලු ලොවම තමාගේ ග්‍රහනයේ බැද තබාගන්නවා.මේ සේනාවගෙන් මිදීමට විශාල වීර්‍යයක් තිබිය යුතුයි.

මීට අමතරව මාරයාට ඉන්නවා දූවරු
තුන්දෙනෙක්, තණ්හා රති රගා කියලා. බුදුරජානන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍යය මිනිසෙක් මේ දූ වරු දු‍ටුවොත් ඔහුගේ හදවත සත් අතකට පැලෙනවා ආශාවෙන් මත් වෙලා , ඒතරම් ලස්සන දෙන්නෙක් .

ඉතින් මේ මාරයාගෙන් නිදහස් වෙන්න බැරිද?


ඒ සදහා මාර්ගය තමයි බුදුරජානන් වහන්සේ වදාරන ලද්දේ.ඒ මාර්ගය තමයි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තිබෙන්නේ. නමුත් මේක ලේසි නැහැ.මාරයා කැමති නැහැ නිදහස් වෙලා යනවාට.එයාගේ වැඩේ මේ සසරට බැද තබාගැනීමයි. අඩුම තරමින් අපි, මේ ග්‍රහනයෙන මිදීමට ධර්මයක් දේශනා කරලා තියෙනවා කියන එකටවත් සිත පහදවාගත යුතුයි.
 
බුදුරජානන් වහන්සේ වදාලා යම් කෙනෙක් නිතර නිතර සතර සතිපට්ඨානය වඩයිනම් ඒ පුද්ගලයා හරියට මාරයාගේ ඇහැට  වැලිගසා ඉන්නවා වගෙයි කියලා.

ඉතින් අප දැනගත යුතුයි මේ කරුනු.සියලු ලෝක අවබෝධ කල අප බුදුසමිදානන්  විසින් මෙලෙස දෙශනා කර තිබෙද්දී අප කියනවානම් "ඔය මාරයා කොහෙද් ඉන්නේ?කවුද දැක්කේ?සංකල්පයක් වෙන්න ඇති" කියලා එය උන්වහන්සේට කරන අගෞරවයක්.උන්වහන්සේගේ අවබෝධයට අභියෝග කරන්න අපි කවුද?

උන්වහන්සේ මාරයා පරාජය කර බුද්ධත්වය ලබ
යි මේ සිරි සදහම් දේශනා කලේ. ඉතින් මේ මාර පරාජය කරන්න බලය ඒ උතුම් ධර්මයේ තියෙනවා.
ඉතින් අපත් ඒ උතුම් ධර්මය ගැන සිත පහදාගෙන අවබෝධ කර ගැනීමට උත්සහ කරමු. වීර්‍යය කරමු.

තෙරුවන් සරණයි..!